කලින් පෝස්ට් එකකදි මම පොරොන්දු වුනානෙ මම චිකාගෝ වල බලන්න යන තැන් ඔයාල එක්ක බෙදාගන්නව කියල. අද ඉස්සෙල්ලම කියන්න යන්නෙ චිකාගෝ වලට විශේෂම තැනක් ගැන. ඒ තමයි “නේවි පියර්”.
නේවි පියර් හැඳින්වෙන්නෙ චිකාගෝ භූමිලකුණ (land mark) විදියට. මෙය ඉදිකිරීම සම්පූර්ණ කරල තියෙන්නෙ 1916. මෙහි විශේෂත්වය තමයි මෙය අඩි 292 පමණ පළලින්, අඩි 3000 පමණ මිචිගන් විල තුලට දික්වීම. ජලය මත ඉදිකරල තියෙන මෙහි විවිධ විනෝදාත්මක අංගයන් ඇතුලත් වෙනවා. මිලියන 7 කටත් වඩා ජනයා වාර්ශිකව මෙය නැරඹීමට පැමිනෙන්නෙ මෙහි ඇති සුවිශේෂත්වය නිසාමයි.
පහළ ඡායාරූපයෙන් දැක්වෙන්නෙ ඇතුල්වෙන ස්ථානය.
ජලය මත ඉදිකර ඇති ආකාරය පහතින් දැක්වෙනව.
පහත ඡයාරූප වලින් එහි ඇති විනෝදාත්මක ස්ථාන කිහිපයක් දැක්වෙනව. මතක තියගන්න ඕනෙ දෙයක් තමයි මේ හැමදෙයක්ම තියෙන්නෙ ජලය මත.
කැමති කට්ටියට නැව්, බෝට්ටු, වේග යාත්රා සවාරි යන්නත් පහසුකම් සලස්වල තියෙනව.
මම ඉස්සෙල්ලම ගියපු තැන තමයි මේ “නේවි පියර්”. තව තැන් කිහිපයකට ගියා. ඒව ගැන විස්තරත් එක්ක ආයෙත් ලියන්නම්.











ඉන්දික, Broadway Show බලන්න අවස්ථාවක් හදාගන්න. හරිම ලස්සන අත්දැකීමක්. http://www.broadwayinchicago.com/
බොහොම ස්තුතියි ඔබතුමියගෙ උදව් වලට… මට මෙහෙ ලංකාවෙ කීප දෙනෙක් හම්ඹුනා ඔබතුමිය නිසා. අපරාදෙ මෙහෙ ආපුම කාලෙ හම්ඹුනානම් ගොඩක් හොඳයි.
අදත් අලුත් කීපදෙනෙක් හම්ඹුනා. ඒත් මම ආපහු යනවනෙ ඉක්මනින්ම…
ela ela. Nice pics
thanks… there are lot more pics. but cant upload all here…
කොචිචර හොදද යන්න බැරි අපිට දකින්න හරි ලැබෙන එක
ස්තුතියි ප්රතිචාරයට…
nice pics, write more about ur vacation,
thanks for the comment…