ගොඩක් කාලෙකින් ලිපියක් ලියන්න බැරිවුනා. මගෙ තිසිස් එක පටන් ගත්තු නිසා ගොඩක් වැඩ තිබ්බා. කොහොමහරි ඉතින් සෙමෙස්තර් එක ඉවරවුනා. ඒත් තිසිස් එකනම් ඉවර නැහැ. ඊලඟ සෙමෙස්තරය මීටත් වඩා ගොඩාක් වැඩතියෙන එකක් වේවි.
කොහොම වුනත් අද මම මේ ලිපිය ලියන්නෙ වොෂින්ටන් ගුවන්තොටුපොලේ ඉදන්. අවුරුදු එක හමාරකට වගේ පස්සෙ මම මේ ගෙදර එන ගමන්. මට එන්න නියමිතව තිබුනෙ චිකාගෝ, වොෂින්ටොන්, ඩුබායි වලින් ලංකාවට. ඒත් චිකාගෝ ගුවන්යානාව නවත්තල හිම නිසා. ඒනිසා මට ඩලස් වලින් වොෂින්ටන් එන්න වුනා. කොහොමහරි ඒක නිසා මට ඩුබායි වලින් ලංකාවට ගුවන් යානය එනකල් පැය 7 වගේ ඉන්න තියෙනව. මොනව උනත් කාලෙකට පස්සෙ ගෙදර යන එක ගැන සතුටුයි. ගෙදර ගියත් ගොඩක් නිදහසේ ඉන්න වෙන එකක් නැහැ ගොඩක් වැඩ තියෙන නිසා. ජනවාරි ආපහු ආව ගමන් තිසිස් proposal presentation එක කරන්න තියෙනව. මගෙ තිසිස් එක බාර ප්‍රොෆෙසර් ගෙදරදි කරන් එන්න වැඩ ගොඩක් දුන්න. බලමුකො ගියාට පස්සෙ මොකො වෙන්නෙ කියල.
මේ මාස කිහිපය ඇතුලත මගෙ ජීවිතේ ගොඩාක් වෙනස්කම් වේවි. මම තීරණයක් ගන්න බැරි තත්වයක ඉන්නෙ. හදවත සහ බුද්ධිය අතර පොඩි අරගලයක්. හදවතට තැන දුන්නොත් හැමදාම වගේ පරාජය තමයි කියලත් මම දන්නව. තීරණයක් ගන්න කාලයට ඉඩ දීල ඔහේ බලන් ඉන්න එක තමයි හොඳම විසදුම කියලත් හිතෙනව. කොහොමත් වැඩි කාලයක් බලාගෙන ඉන්න වෙන එකක් නැති වේ. බලමුකො මගෙ දෛවය කොහෙටද මාව අරන් යන්නෙ කියල.
ගොඩාක් ලියන්න ඕනෙ කියල ගත්තත් ලියන්න හිත දෙන්නෙ නැහැ. මොකක්දෝ අඩුවක් හිතට දැනෙනව. මෙහෙ යාලුවන්ගෙන් වෙන්වෙන්න වුන එකද කියල හරියටම කියන්න තේරෙන්නෙ නැහැ. මම කොහොමත් වෙන්වීම් වලට ගොඩක් අකමැති කෙනෙක්. කෙටි කාලීන බැදීමකින් වුනත් වෙන්වෙන්න මට හරිම අමාරුයි. ඒක ගොඩක් කාලෙක ඉදන් මගෙ තියෙන දුර්වල කමක්.මගෙ ජීවිතය දිහා ආපහි හැරිල බලද්දි මට පුදුමයි. ජීවිතයෙ වෙච්ච ගොඩක් දේවල් සිද්ද උනෙ මගෙ බලපෑමක් නැතුව කියල හිතෙනව. කවුරුහරි නොදන්න කෙනෙක් මගෙ ජීවිතය පාලනය කරනව කියල හිතෙනව. උසස්පෙළ ප්‍රථිඵල බලාපොරොත්තු වුනාටත් වඩා වැඩිවුන නිසා දෙවනවර උත්සාහ නොකරපු එක, ඒක නිසා විද්‍යා පීටය තෝර ගැනීම, නොසිතු විදියට සංඛ්‍යානය විශේෂ පාඨමාලාවට සමත්වීම, කවමදාවත් හිතල තිබුනෙ නැති උසස් අධ්‍යාපනයට යොමුවීම… මේ ඔක්කොම දේවල් සිද්ධ වුනෙ පුදුම විදියට. මේ දේවල් නිසා මට හිතෙන්නෙ මම යම්කිසි දෙයක් ගැන ගොඩාක් හිතල වැඩ කරනවට වඩා එන එන විඩියට වැඩ කරන එක හොඳයි කියල.
කොහොම වුනත් ඉස්සරහට වෙන දේවලුත් ඔයාල එක්ක බෙදා ගන්නම්කො. ආයෙත් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට නවතින්නම්.
nice 2 hears that u cm bak …… wishes for the happy vacation. Don’t thnk about those thing that much. every thing will ok……………………………………………………………
thank you very much. i also hope for the best…
කමෙන්ට් දැම්මෙ නැතත් මම නිතර කියවන බ්ලොගයක්. දිගටම ලියන්න. නිවාඩුව හොඳින් සමරන්න
ස්තුතියි…
හුඟ දවසකින් බ්ලොග් පැත්තෙ කරක් ගහද්දි හදිස්සියෙම අයියගෙ බ්ලොග් එක මතක් වෙලා ඇවිත් බැලුවේ. මොකෝ හුඟ දවසකින් ලියල නැත්තේ
මගෙ මෙහෙ අන්තිම සෙමෙස්තරය නිසා ගොඩක් වැඩ මල්ලි මේ දවස්වල…