ගොඩක් කාලෙකට පස්සෙ ලිපියක් ලියන්න වෙලාව හොයාගත්ත ගොඩක් අමාරුවෙන්. පහුගිය දවස්වල ගොඩාක් වැඩ තිබ්බ. නිවාඩුවක් නැතුව එකදිගටම exams, presentations තිබුනා. ඒ අතරෙම අපේ MSc එකේ උපාධි ප්‍රධානෝත්සවය තිබ්බ. ගොඩක් සතුටුයි අවුරුදු දෙකක මහන්සියෙ ප්රථිඵලය ගැන.
දැන් ඉතින් මාස දෙකක් ඇතුලත තිසිස් එක ඉවර කරන්න ඕනෙ. ඒකත් හොඳින් කෙරීගෙන යනව. ගොඩක් වෙලාවට publish කරගන්න පුලුවන් වෙයි. එහෙම උනොත් ගොඩක් හොඳයි මම PhD කරන්න ඉන්න නිසා.
දැන් ඉතින් අවුරුද්දක් විතර වැඩ කරන්න ඕනෙ. මම වාසනාවන්ත උනොත් ගොඩක් වෙලාවට Research කරන්න හම්බවෙයි. මොකද වෙන්නෙ කියල කියන්නම්කො.
මේ අවුරුදු දෙකක කාලය තුල ගොඩක් හොඳ යාලුවො හම්බුනා. සංස්කෘතිය වෙනස් උනත් මිතුරු කමට ඒක බාධාවක් නොවෙන බව හොඳටම තේරුනා. සමහර ලංකාවෙන් ඇවිත් ඉන්න අයගෙන් නම් ගොඩක් හිත රිදෙන දේවල් සිද්ධවුනා. ඒ මොනව උනත් කොහොමහරි අපේ කට්ටියගෙන් එක්කෙනෙකුට ඇර අනිත් හැමෝටම කොහොමහරි උපාධිය සම්පූර්ණ කරගන්න පුලුවන් උනා. මෙහෙ කට්ටිය තරමක් පසුපසින් හිටියත් අපේ එකමුතුකම නිසා කට්ටියටම සමත්වෙන්න පුලුවන් වුනා.
මට මෙහෙ අයගෙ ඇමරිකානු හැඟීම හොඳටම තේරුම් ගන්න පුලුවන්වුනා ඔසාමගෙ මරණය දවසෙ. එදා අපි පහුවදා තියෙන විභාගයකට පාඩම් කර කර හිටියෙ. ඔසාමගෙ මරණය ගැන ආරංචිය ආපු ගමන් කට්ටිය කෑගහගෙන ඒක සැමරන්න ගත්ත. පාඩම එතනම ඉවරයි.
(මට මතක්වුනේ ප්රභාකරන් මැරුන දවසෙ අපේ අය සතුටුවුන හැටී. මොනව උනත් මෙහෙ අයගෙ ඇමරිකානු හැඟීම ගැන මට සමහර වෙලාවට පුදුමත් හිතෙනව. මම හිතන්නෙ මෙහෙ මේතරම් දියුණු වෙන්න ඒක ලොකු හේතුවක්. (අපේ කට්ටියගෙ රට ගැන හැඟීම ගැන ඉතින් කතා කරන්න දෙයක් නැහැනෙ.)
මගෙ එක විනෝදයක් තමයි රොබට් ඉන්න වෙලාවට ඇමරිකාවට බනින එක. මොන වැඩේ තිබ්බත් එතකොට රොබට් කරන්නෙ ඒක නවත්තල මාත් එක්ක වාදකරන්න එන එක. ඒ කොහොම වාද කලත් රොබට් හැම වැඩකදිම මට ගොඩක් උදව් කරනව මගෙම සහෝතරයෙක් වගේ. මමත් ඉගෙනීම පැත්තෙන් රොබට්ට උදව් කරනව ඒවට හරියන්න.
කොහොමහරි එකම පවුලක් වගේ ගත කරපු අවුරුදු දෙකකට ආසන්න කාලය ගොඩක් සුන්දරයි. තව මාස දෙකකින් කට්ටිය එක එක තැන්වලට යයි. ඒත් අපේ මිතුරුකම හැමදාමත් පවතින්න කියල මම ප්‍රාර්ථනා කරනව.
ගොඩ කාලෙකින් නේද?වැඩේ හොඳට කරගත්තට සුභ පැතුම්,අනාගතයේ ඇති වැඩත් හොඳින් කරගන්න ලැබෙන්න කියලා ප්‍රර්ථනා කරනවා .
ඔව් ගොඩක් වැඩ තිබ්බා පහුගිය ටිකේ…
ස්තුතියි…
උපාධිය සාර්ථකව සම්පුරණ කරගන්න පුලුවන් උනාට සුබ පැතුම්. අනිත් වැඩකටයුතුත් සාර්ථක වෙන්න කියල ප්‍රර්ථනා කරනවා
ස්තුතියි.
ඉතාම කදිමයි ඔබේ බ්ලොග් එක.
මා අද තමයි මෙයට ආවේ මුලින්ම..ඔබට බොහොම ලස්සනට ලියන්න පුලුවන්නේ….
වෙලාවක් තිබේනම් ඈමරිකානු ජීවීතේ ගෑන තව ලිපි දාන්න.
මා බොහොම ආසාවෙන් එම ලිපි පෙල කියෙව්වා.බොහොම ලස්සනයි.
ඔබ බොහොම හිත හොද අයෙක් කියා තමයි මට සිතෙන්නේ.ඔබේ අනාගත ජීවීතය සෑම අතින්ම සාර්ථක වෙන්න කියා මා හදවතිම පාර්ථනා කරනවා.
අමතක නොකර ඈමරිකානු ජීවීතේ ගෑන තව ලිපි දාන්න,මා බලා සිටිනවා ඔබේ අලුත් පෝස්ට් එකක් පලවන තුරු…..
TC,BS
ස්තුතියි… වෙලා තියෙන විදියට ලියන්නම්…
සුබ පැතුම්!..ඉදිරි අධය්‍යාපන කටයුතුත් හොදින් සිද්ද වෙන්න කියල ප්‍රාර්ථනා කරනව
බොහොම ස්තුතියි…
ලංකාවේ රට ගැන හැගීම් ගැන කතාව නම් ඉහ මුදුනින් පිලිගන්නවා…උපාධිය සම්පුර්ණ කරන්න ලැබෙන්න කියලා සුභ පැතුම්..!
මටත් MSc එකක් කරන්න ආසයි …ඒකට විස්තර කියන්න පුලුවන්ද?
navinish8915@gmail.com මේක මගේ mail address එක..:)
ස්තුතියි…
මම email එකක් එව්වා.
බොහොම සංතෝසයි. අපේ සුබ පැතුම්!
ස්තුතියි…
Congratulations!
thanks…