Feeds:
ලිපි
ප්‍රතිචාර

Archive for the ‘වර්ෂා-ආදර කතාව’ Category

මගෙ කතාව වර්ෂා කියවපු ඔයාලගෙන් මම එක උදව්වක් ඉල්ලන්න කැමතියි.ඒක තමයි මගෙ ජීවිතේ ඉතුරුවෙලා තියෙන ලොකු ප්‍රශ්නයකට උත්තර හොයාගන්න උදවු වෙන්න කියන එක. ඒක තමයි ශානිට මොකද වුනේ කියන එක. එයා ඒක හිතලම කරපු දෙයක්ද නැත්නම් එතන මම නොදන්න මොකක්හරි දෙයක් තියෙනවද? ශානි ගැන හොඳටම තේරුම් ගත්තු කෙනා හැටියට එයා ඕනෙකමින් එහෙම කලා කියල මට [...]

Read Full Post »

ගෙදර එන ගමනුත් ආවට පස්සෙත් ශානිකා දිගටම කලේ අඬන එක. ශානිකාලගෙ අම්ම, තාත්තා අයිය කට්ටියම එයාට බනිනව. මගෙ හිතේ කොච්චර දුකක් තිබුනත් මම කලේ බනින එක නවත්තන්න හදපු එක. මගෙ ශානිට කිසිම කෙනෙක් බනිනව නිකම් බලාගෙන ඉන්න මට පුළුවන් වුනේ නැහැ. ඔය විදියට බදාද වෙනකල්ම මම ශාලිකාලගෙ ගෙදර ගියා හැමදාම.මගෙ ලඟට වෙලා ඉන්න ශානිකාට තිබ්බෙ [...]

Read Full Post »

එයා කියන්න හදනදේ මොකක්ද කියල දැනගන්න මට ලොකු ඕනෙකමක් තිබුනත් එයාගෙ හිතට තවත් වද දෙන්න මට ඕනෙ වුනේ නැහැ.මගෙ පපුවට මූණ තියාගෙන අඬන එයාව මම තව තවත් තුරුල් කරගත්ත. “අනේ බබා එපා මට ඔච්චර ආදරේ කරන්න. මම හොඳ කෙල්ලෙක් නෙමෙයි” එයා එකපාරටම එහෙම කිව්ව. “මම ඔයාට බොරු කලා බබා. රවී මට call කරන්නෙ නැහැ කියල [...]

Read Full Post »

නොපෙනෙන බලවේග පිලිබඳ වැඩි විශ්වාසයක් මට නැතිවුනත් ශානිකාට ඒව ගැන තිබුනෙ ලොකු විශ්වාසයක්. “අපේ ආදරේට මොනවත් කරන්න ඔය කිසිම දේකට බැහැ” මම එයාට නිතරම එහෙම කිව්වත් එයාගෙ බය නැති කරන්න මගේ ඒ වචනවලට පුළුවන්වුනේ නැහැ. එයාගෙ ඒ බය නිසාම අපි දෙන්න වෙන්වෙනව එයා දවස් කිහිපයක්ම හීනෙන් දැකල තිබ්බ. ශානිකා ගැන මගේ තිබ්බ හැඟීම් වුනත් ඒකාලෙ [...]

Read Full Post »

“අනේ නුවන් මට සමාවෙන්න…” ශානි එහෙම කිව්වෙත් අඬන ගමන්. “අනේ ඇයි බබා මොකද?…මොකද වුනේ කියන්නකො අඬන්නෙ නැතුව” “අද මීගමුවට යද්දි රාජ් මගෙ අතින් අල්ලගෙන ගියා…” මට ඒක ගොඩාක් ලොකු වේදනාවක් වුනත් මම කලේ ශානිගෙ හිත හඳපු එක. ශානි අඬ අඬ මගෙ කකුල් දෙක අල්ලල වැඳල සමාව ගනිද්දි මට දැනුනෙ ලොකු අසරණකමක්. මම නිශානි එක්ක ෆිල්ම් [...]

Read Full Post »

මේ දවස්වල ගොඩාක් වැඩ. ඒනිසා කාලෙකින් ලියන්න බැරිවුනා. දැනුත් වෙලාව රෑ 12 වෙලා. ඒත් ඉතින් ටිකක්  හරි ලියනව කියල හිතාගෙන ලියන්න ගත්තා. එහෙනම් අද කතාව පටන් ගන්නම්කො. බැංකුවෙ වැඩකරපු ගොඩාක් දෙනකුට වඩා ශානිකා අහිංසකවුනා. එයා බැංකුවෙ වැඩකරපු ඒ මාස 8කටත් අඩු කාලය ඇතුලත බැංකුවෙම වැඩකරපු 7 දෙනෙක් සහ එයාට හම්බුන cutomersල දෙන්නෙක් එයාගෙන් යාලුවෙන්න ඇහුවෙ [...]

Read Full Post »

චිත්ත නෙත්මිගෙ සම්බන්ධය නැවැත්තුව කියල කිව්වනෙ. ඔය කාලෙදි තමයි නෙත්මි චිත්තට අරන් දීල තිබුන ෆෝන් එකක් ආපහු දෙන්න චිත්තට ඕනෙවුනේ.එකට බෝඩිමේ ඉන්න යාළුව හින්ද කොච්චර අකමැත්තෙන් උනත් ඒක ගිහින් දෙන්න බාරගන්නවුනේ මට. MC එකේ තියෙන KFC එකේදි මම නෙත්මිව හම්ඹුනේ ඒකට. affair එක නවත්තන්න හේතුවක්වත් චිත්ත නෙත්මිට කියල තිබුනෙ නෑ. “මම කොච්චර චිත්තට ආදරේ කලාද. [...]

Read Full Post »

මම කොළඹ කැම්පස් එකට ඇතුල්වුනේ 2004 මැයි මාසෙ. හැමදාම ගෙදර ඉඳන් යන්න අමාරු හින්දා ජීවිතයේ පළමු වතාවට මම බෝඩිමක නැවතුනා.ඒක තිබුනෙ නුගේගොඩට කිට්ටුව. ඒවෙනකොට ශානිකාගේ ගෙදරට දුරකථන පහසුකම් තිබුන. ඒ හේතුව හින්ද මට බෝඩිම ලඟ දුරකථන කුටියක සතියට දවසක් හෝ දෙකක් පැය භාගයකටත් වඩා ඉන්න වුනා රෑ 9 පස්සෙ (ඇයි ඉතින් දුරකථන ගාස්තු අඩුවෙන්නෙ 9 [...]

Read Full Post »

ඉංජිනේරු පීඨයට ඇතුල් වෙන්න මදිවෙයි කියල තේරුනත් තරමක් හොඳ ප්‍රථිඵලයක් තිබුන හින්දත්, chemistry වලට මගෙ තිබුන අකමැත්ත හින්දත් ආයෙ පාරක් exam කරන්න මට හිතුනෙ නැහැ. ඒක නිසා මම revision class නතර කලා. ඒත් ශානිගෙ පන්ති ඉවරවෙන වෙලාවට පන්තිය ලඟට යන්න මම පුරුදුවුනා. සමහර දවස් වලට තිලක් රාජකරුණා සර්ගෙ පන්තියට ගිහින් නිකම් වාඩි වෙලා ඉන්න එකත් [...]

Read Full Post »

ශානිකා සමාව දෙන්න බැරි වැරැද්දකට මට සමාව දුන්න. ඒනිසා එයාගෙ නැතිවුන විශ්වාසය ආයෙ ගොඩනගන්න ඕනෙ. ශානිකා ගැන අපේ ගෙදරට කියන්න මම තීරණය කලේ එහෙම හිතල.ඒත් ඒ තීරණය ගොඩාක් ප්‍රශ්න වලට මගපාදයි කියල එදානම් මට හිතුනෙ නෑ. එදා හවස අපේ නැන්දා කෙනෙක් ගෙදර ඇවිත් හිටියා. (නැන්දා කිව්වට නෑදෑකමටත් වඩා තිබුනෙ ලොකු හිතවත්කමක්) එයත් ඉන්න තැනම මම [...]

Read Full Post »

පැරණි ලිපි »

Follow

Get every new post delivered to your Inbox.

Join 44 other followers