අපිට පළවෙනි semester exam ඉවරවුනා කියල කිව්වනෙ. ඊට පස්සෙ ඉතින් vacation එක මාසෙකටත් වැඩියි.
vacation එකේ කරන්න කියල ගොඩක් දේවල් ප්ලෑන් කරන් හිටියෙ. ජිම් යන්න, dancing ඉගෙන ගන්න, පොත් කියවන්න, ඊලඟ සෙමෙස්තරේ කරන්න තියෙන දේවල් බලල තියන්න,…. ඔය වගේ වැඩ කෝටියක් හිතාගෙන හිටියා. ඒත් ඉතින් vacation ආවට පස්සෙනම් උනේ වැඩ ටික දවසින් දවසම කල් යන එක. මුලින්ම ප්ලෑන් එකට බාල්දිය වැටුනෙ vacation එකේ ජිම් වහල කියලා දැනගත්තම. (අපි ඉතින් පුවක් ගහකට නගින්න හිතුවොත් එකෙ දෙබලක්…)
මෙහෙ කට්ටියනම් ඉතින් එකාලෙ ප්‍රයිවට් ජිම් වලට යනවලු. එත් අපිට කොහෙන්ද ඉතින් බූල් බල්ලො කිව්වලු. (බොහොම අමාරුවෙන් වියදම ෂේප් කරන්නෙ ඉන්නෙ. ඉතින් කොහෙද private ජිම් යන්නෙ )
කොහොමහරි ඉතින් “බලන්නත් එක්ක” කියලා ඉස්සෙල්ලම මෙහෙ බාර් එකකටනම් ගියා vacation එකේ. සංස්කෘතියෙ වෙනස හොඳටම තේරුනා ඒ ගමනෙන්. මෙහෙ ඉතින් ගොඩක් දේවල් වලට ගෑණු, පිරිමි කියල වෙනසක් නැහැ. බාර් එකෙත් ගොඩක් හිටියා ගෑණු ළමයි. (අපිත් එක්කත් 4 දෙනෙක් ඇවිත් හිටියා) මට මුලදි ඉතින් ඒක ටිකක් අමුත්තක් උනාට පස්සෙනම් ඉතින් (“ටිකක් වෙලා යද්දි” ) ඒකට පුරුදු උනා. (ලංකවෙ කැම්පස් එකේදි එහෙම අපි ගෑණු ළමයි ඉන්න තැන්වල බොන්නෙ නැහැ. බොන තැන්වලට ගෑණු ළමයි එන්නෙත් නැහැ.)
බොන්න ගියාම ඉතින් දෙගොල්ලොම හරි හරියට බොන්නෙ. කතා කරන්න ගියාම උනත් මෙහෙ ළමයි හරිම විවෘතයි. ඕනෙම දෙයක් ගැන එලිපිට කතා කරනවා. කවුද අහන් ඉන්නෙ, ගැහැණු අයත් ඉන්නව නේද…. ඒ කිසිම දෙයක් මෙහෙට අදාල නැහැ. ඇත්තටම මෙහෙ අය එහෙම අනුන්ගෙ දේවල් අහන් ඉන්නෙත් නැහැ. (ලංකාවෙනෙ ඉතින් ඒකටත් එක්ක. වෙන කට්ටියක් කතාවෙන දෙයක් හොරෙන් අහන් ඉන්නව මදිවට “බලන්නකො මේ කියන දේවල්” කියල අනිත් මිනිස්සු එක්කත් කියනවා. බස්වල කෝච්චිවල ඕපදූපකාරයො පිරිලනෙ )
කොහොම කොහොම හරි “ටිකක් වෙලා යද්දි” මොනවහරි වෙනස්කමක් කියල තිබ්බනම් ඒවත් නැති වෙලා ගියා. මමත් එක්ක එරිත්රියාවෙ ළමයෙකුත් ගිහින් තිබ්බා. අනිත් ඔක්කොම මෙහෙ ළමයි. (මෙක්සිකන් අයත් ඇතුළුව )
මෙහෙ ගෑණු ළමයි අපෙන් අපේ භාෂා වලින් බනින හැටි අහනවා. f— you, etc… වගේ දේවල් අපි කියන්නෙ කොහොමද අහනවා. කවදාවත් මම ගෑණු ළමයෙක්ට ඒවගේ වචනයක් කියල නැතිවුනත් මේ ළමයින්ට තේරෙන්නෙ නැති නිසායි, මම ඒ වෙලාවෙ හිටපු තත්වෙ නිසායි ඔන්න ඔහෙ කියල දැම්ම…
ආ… තවත් දෙයක් තියෙනව. මෙහෙදි කට්ටිය එකම තැනකට වෙලා බොන්නෙ නැහැ. මෙහෙ කට්ටිය කියන විදියට බොන්නෙ socialize වෙන්න. ඉතින් over limit යන්නෙ නැතුව පුළුවන් තරම් වෙලා බොන්න තමයි බලන්නෙ. ඒනිසා එකම දවසෙ බාර් ගොඩකට යනව(මෙහෙ එක ලඟ ලඟ බාර් ගොඩාක් තියෙනව.)
තවත් දෙයක් මෙහෙ ගොඩක් බාර් වල DJ තියෙනව. කෝප්පෙත් අතේ තියාගෙන නටන එක තමයි ඉතින් කරන්නෙ. ඇත්තටම නටන්න කියලා ගියාට මමනම් වැඩිපුර කලේ වටේ කැරකි කැරකි හිටපු එක. වට පිටාවෙ දකින්න තිබ්බ ඒව දැක්කම ඉතින්…. (අපේ විදියට කිව්වොත් පිස්සු හැදෙනවා)…
මම ලංකාවෙදි club ගිහිල්ල නැහැ. ඉතින් මම ඒවගේ දෙයක් සජීවීව දැකපු පලමු වතාව. (GGW film නම් බලල තිබ්බ. ඒත් ඒව ඇත්ත කියල තේරුනෙ සජීවීව දැක්කට පස්සෙ තමයි ) මෙහෙ ළමයින්ටනම් ඒ දේවල් කිසිම ගානක් නැහැ. (ඇත්තටම එයාලගෙත් එයිට වෙනසක් තිබ්බෙ නැහැ )
මොනව වුනත් මට හිතුනෙ මෙහෙ ළමයි ජීවිතේ විදිනව කියල. තමන් කැමති දේවල් කරන්න අනිත් අයව බාධාවක් කරගන්නෙ නැහැ. (අපිත් එක්ක ඉගෙන ගන්න ගෑණු ළමයෙක්, එයා සතියට දවස් 3 වත් club යනව කියල කිව්ව. මෙහෙ ළමයින්ගෙ ජීවිතේ ඒ වගෙ තමයි )
මටනම් එයිට පස්සෙ මේ vaction එකට ආයෙ එහෙම යන්න බැරි වුනා. ඒ හේතු 2 නිසා. ප්‍රධානමදේ වුනේ මුදල් නැතිකම, අනිත් හේතුව තමයි අන්තිමට මුහුන දෙන්න වුන සිද්ධිය.( ඒ වෙනකොට බාර් 3,4 කටම ගිහින් තිබ්බ නිසා අන්තිමට ගියපු එකේ security එකෙන් “sir, that’s enough for today…. Please come back tomorrow” කියල යන්න කිව්වනෙ). මෙහෙ කට්ටියටනම් ඒක සාමාන්‍ය දෙයක් වුනාට මටනම් ඒක නිකම්ම අමතක කරල දාන්න බැරි වුනා
මගේ ඇමරිකාවෙ බාර් අත්දැකීම ඔහොමයි….
හික්ස්..බාර් එකට ගත්තේ නැත්තෙ වැඩි වෙලා කියලා පෙනුන නිසාද?
ජය වේවා..දිගටම ලියන්න!
ඇත්තම කිව්වොත් ඔව්… 🙂
ස්තුතියි!
Hay hay hay
owaye giya wage nemem machang anith weda tikath hodata kara ganing
එළ එළ මචන්… ස්තුතියි
mama umbey blog ekata aluth. amarikawata ena lankawe ewun hithana widiya godak samaanai kiyala mata hithenawa.
oya kaalakanni suddo apey ewunta wada hondai kiyala hithanda nam epa. un honda nehe. apey ewun hondath nehe. hamoma alu paatai, kalu wath sudu wath nehe.
mehe dewal ochchara ihalin piliganda epa, mehe evun munata hina wela hithen pada arina ewun. parissamen machan, dumburu hamata yata wunu sudu hira karuwek wenda epa.
thx for the comment machan. uba kiyanade hari. mehe un one ekekuta hi kiyanawa. eth eita wada deyak balaporoththu wenawanam eka modakamak. monawa unath ape paduwe ganata hitiyama hari kiyala mata hithenne.
umba mona state ekey da inne?
Texas… uba koheda?
missouri
kindi sira කිව්ව කතාව හරියටම හරි… පරිස්සමෙන් වගේම ආවෙ කොහෙන්ද… හිටියෙඔ කොහෙද අමතක කරන්න එපා කොල්ලො
ස්තුතියි මචං…