ඔයාට මතකද ඒ හැන්දෑව
වෙරළෙ ගලක් උඩට වෙලා ඉර මුහුදෙ ගිලෙනව අපි බලන් හිටපු හැටි
ඒක දිහා බලල ඔයා කිව්ව “ලෝකෙට තනි රකින්න හඳ ආපු දුකට ඉර යන්න යනව” කියල
මම ඇහුව “ඒ ඉරට වෙච්චදේ කවදහරි මටත් වෙයිද” කියල
එතකොට ඇස්වල කඳුළු පුරෝගෙන ඔයා දීපු උත්තරේ මට තාම මතකයි
“මම කවදාවත් ඔයාව දාල යන්නෙ නැහැ බබා
මගෙ ජීවිතය තියෙනකල් එහෙම වෙන්නෙ නැහැ”
එදා ඔයාගෙ ලඟින් ආපු ඒ සුවඳ මට තාම දැනෙනව
ඔයාගෙ සිනිඳු තොල්පෙතිවල පහස මට තාම දැනෙනව
මතකද ඔයා ඇහුව “මට කොච්චර ආදරේද” කියල
මතකද මගෙ උත්තරේ “මගෙ පණටත් වඩා”
ඔව් මගෙ රත්තරන් මගෙ පණටත් වඩා මම ඔයාට ආදරෙයි
ඒත් ඒ ගොඩාක් කාලෙකට කලින්
දැන් ඔයාව මට අයිති නැහැ
ඔයා නැතුව ගෙවන ජීවිතේ මේ තරම් අමාරුයි කියල දන්නවනම්
මම කවදාවත් ඔයාට යන්න දෙන්නෙ නැහැ
මම ඔයාට ගොඩාක් ආදරෙයි බබා
එදා වගේම අදත් ආදරෙයි
මම පොරොන්දු වෙනවා ඒ ආදරේ වෙනත් කෙනෙකුට දෙන්නෙ නැහැ කියල
කවදාවත්ම ඔව් කවදාවත්ම
මගෙ රත්තරන් ඒ ආදරේ අයිති ඔයාට විතරයි
ලස්ස්නායි…
ඔය ලියන්නේ හිටු කියලා…
මචන් ඒක නෙමේයි,
ෆොන්ට් එක ටිකක් ලොකු කරන්න බැරිද?
/බිඟුවා…!
බොහොම ස්තුතියි!
මම ෆොන්ට් එක ලොකු කරන්න උත්සහ කරනවා මචන්. තාම කරගන්න බැරිවුනානෙ. 😦
බොහොම අමරුවෙන් කරගත්තා.
පේළියක්ගානේ ෆොන්ට් සයිස් දෙන්නවුනානෙ. එහෙම නැතුව එකපාර කරන්න විදියක් හොයාගන්න බැරිවුනානෙ… 😦
පේලියක් ගානේ දෙන්න ඕනේ නෑ, ෆොන්ට් එක වෙනස් කරන්න.. මොකක් නමුත් අවුලක් තියෙනවා වගේ…
කොහොම උනත් පැණි බේරෙන කතාවක් ඔය ලියලා තියෙන්නේ.. අනිත් කොටසත් දාන්නකෝ ඉක්මනට..
ඒයි මචෝ, සිංහලෙන් වර්ෂා කියලා නම තියෙන බ්ලොග් එකක් තියෙනවා, බ්ලොග් රීඩර් එකේ.. උඹේ බ්ලොග් එකේ නම, වෙනස් කර ගන්න බැරිද දැන්මම…. නැත්නම් ඒක වාතයක් වෙයි…
ම්… එහෙම අවුලක් වෙයිද? මට නම වෙනස් කරන්න හිතෙන්නෙ නැහැ මචන්…(මේක මට විශේෂ නමක්)
මචන් එහෙම නම වෙනස් කලොත් සින්ඩියට එහෙම ආයෙ apply කරන්න වෙනවද? ඒක තාමත් accept වෙලා නැහැ. kottu.org වැඩේනම් හරි. බොහෝම ස්තුතියි ඒගැන කිව්වට.
ඔන්න මචන් අකමැත්තෙන් උනත් මම නම වෙනස් කලා “ආදරණීය” කියල…
ගොඩාක් ලස්සනයි අයියේ. ඔයාගේ blog එක සින්ඩියට තාම දාල නැති වුනාට මගේ blog එකේ මේක ගැන දාල මම post එකක් දාන්නම්. සුභ පැතුම්…
බොහෝම ස්තුතියි මල්ලි.
බ්ලොග් ලියන එක ගැන මම මුකුත් දැනන් හිටියෙ නැහැ, ආසාවට ලියන්න ගත්තට.
හැමෝගෙම comment මට ලොකු ශක්තියක්.