අද තමයි මගේ බ්ලොග් අඩවිය සිංහල බ්ලොග් කියවනයට ඇතුලත් කල බව කියල email එක ආවෙ.ඒක හින්ද මම හිතුව මම කොටස් වශයෙන් ලියන වර්ෂා ආදර කතාවෙ මෙතෙක් ලිව්ව කොටස් 8 සාරාංශයක් ලියන්න. අද නමවෙනි කොටස පල නොකරනවට සමාවෙන්න ඕනෙ.
මගෙ මුළු ජීවිතයම වෙනස් කරපු මේ කතාව පටන් ගන්නෙ මෙයිට අවුරුදු අටකට නමයකට විතර කලින්. හරියටම කිව්වොත් 2001 අවුරුද්දෙ.
ඔය අවුරුද්දෙ තමයි මම අලුතෙන් physics පන්තියකට යන්නෙ. එහෙදි තමයි මට මේ කතාවෙ කතානායිකාව ශානිකාව මුණගැහෙන්නෙ. එයාගෙ තිබුන ඒ අහිංසක ලස්සනට මගෙ හිත ඇදිල යනව. බොහොම අමාරුවෙන් ශානිකා එක්ක ආදර සම්බන්ධයක් පටන් ගන්න මට පුලුවන් වෙනව.
ගෙවල්වලට තිබුන බය හින්ද බොහොම පරිස්සමින් තමයි අපිට සම්බන්ධය අරන් යන්න වෙන්නෙ. නොයෙක් ප්රශ්න, සුන්දර සිදුවීම් එක්ක කාලය ගෙවිල ගිහින් 2003 අවුරුද්දෙදි මම A/L exam කරනව.
ඔය අතරෙදි තමයි නිශානි මගෙ ජීවිතයට එන්නෙ. නිශානි එක්ක ෆිල්ම් එකක් බලන්න යන මම, ශානිකාට බොරුවක් කරපු එක ගැන ගොඩක් පසුතැවෙනව.
ඒක හින්දම ඒ ගැන මමම ශානිකාට කියන්නෙ ශානිකාගෙන් සමාවක් ලැබෙයි කියල බලාපොරොත්තුවෙන්. ඒත් මම බලාපොරොත්තුවුන විදියට එහෙම සමාවක්නම් මට ශානිගෙන් හම්බවෙන්නෙ නෑ. ඒගැන මම ඉන්නෙ ගොඩාක් දුකින්…
ඒක තමයි මෙතෙක් කතාව. මෙතෙක්වුන රසවත් සිදුවීම් දැනගන්න කැමතිනම් ගිහින් මුල් කොටස් 8 ත් සම්පූර්ණයෙන් කියවන්න. ඊට පස්සෙ මොකද වෙන්නෙ කියල දැනගන්න ඊලඟ කොටසෙ ඉඳන් එකතු වෙන්න වර්ෂා මගේ කතාවත් එක්ක …
අඩේ පැණියා, මේ කතාවේ ඔක්කොම ලියලා ඉවර වෙලා මට මේල් එකක් දාන්න..
මට එක පාරටම බලාගෙන බලාගෙන යන්න ඕනේ.. එකක්, දෙකක් බෑ… හෙ හේ..
ලියන්න, ලියන්න. අපි බලනවා දිගටම. ඒ වගේම ඇමරිකාවෙ ජීවිතේ ගැනත් තව විස්තර ඕනෙ.
මගේ සුභ පැතුම් අයියා. ඔයත් දැන් සින්ඩිකේටරයේ ඉන්නවනේ. ඔන්න බලන්න මම බොරුද කියන්නේ කියල දැන් ඔයාගේ බ්ලොග් එකේ daily hits ගාන වැඩිවෙයි බලාගන ඉද්දිම. පුලුවන් කමක් තියනවනම් post එක ටිකක් දිගට ලියල දාන්න.
ඇයි අයියෙ ආදරෙ තරන කෙනාට එහෙම දෙයක් කලේ
මට කියන්න තියෙන්නෙ ඒක මම හිතල කලේ නැහැ කියල විතරයි. කරපුදේ ආපහු ගන්න විදියක්, අතීතයට යන්න විදියක් නැහැනෙ. එහෙම තිබ්බනම් කවදාවත් මගෙ ජීවිතේ මේ විදිහෙ හිස්බවක් ඉතුරුවෙන එකක් නැහැ.
@ පිස්සා : එළ මම කියන්නම්. උඹ මට නමක් කරල register වගේ නේද? 🙂 අවුලක් නැහැ ඉතින් උඹ පිස්සනෙ 😛
@ Sujeewa de Silva : ස්තුතියි. ඒවත් ලියනව. හැබැයි ඊලඟ සතියෙ ඉඳන් කැම්පස් පටන් ගත්තමනම් දැන් වගේ හැමදාම ලියන්න බැරි වෙයි.
@ ආදර කතාව : ඔව්. ඒකනම් ඇත්ත මලේ. ආ.. මම හිතුවෙ දැනටත් දිග වැඩි වගේ කියල. බලන්නම්කො මොකක් හරි කරන්න.
http://meepani.myblog.lk/
Thank U My dear ….my blog is වර්ෂා
thx for reading…
oya hadawathinma adare kala nam ay Shanita e wage drohi kamak kale.digatama liyanna.adara katha kiyawanna gdk kamathiy.ayeth eheme dewal karannepa.ganu lamaynge hith walata duka daraganna amaruy.man ehema kiyanne mamat ganu lamayek nisa.
ගෑණු ළමයි ගොඩක් දෙනෙක් කියන කතාවක් තමයි එයාලට දුක් දරාගන්න අමාරුයි වගේ කතා. ඒවුනාට එයාල අමතක කරනව පිරිමි ළමයින්ගෙ පැත්ත. ගෑණු ළමයි වගේ හැමදෙටම අඩන්නෙ නැති නිසා එයාල හිතන්නෙ පිරිමි ළමයින්ට හැඟීම් නැහැ කියල. ඒත් එයාල හිත ඇතුලෙන් කොච්චර දුක් විඳිනවද කියල ඔයාල දන්නෙ නැහැ.
අඩුගානෙ ගෑණු ළමයි අඬල හරි හිත හදාගන්නව. පිරිමි ළමයි කොච්චර නාස්ති වෙනවද ඔයවගේ සමහර ගෑණු ළමයි කරන දේවල් හින්ද. මම දන්නම උදාහරණම ගොඩාක් තියෙනව. (මම දන්න ළමයෙක් කෝච්චියට පැනල මැරුන ඔය වගේ ප්රශ්නයක් හින්ද )
බොහොම ස්තුති කතාව කියවනවට. අන්තිම වෙනකල්ම බලන්නකො…