ඉශාන් ලියල තිබ්බ ජෙනරාල්, මහ රජානෝ, කඩේ යන්නෝ හා මූණු පොත කියෙව්වම මටත් හිතුන මූණු පොතට මේ කාලෙ වෙලා තියෙනදේ ගැන කතා කරන්න. මට ඉතින් දේශපාලනය ගැන වැඩි උනන්දුවක් තිබුනෙ නෑ කවදාවත්ම. නිකම් හම්බෙන ඡන්දෙ වෙන කාටවත් දාන්න දෙන්නෙ මොකද කියල ගිහිල්ල ඡන්දෙනම් දානව. (මේ පාරනම් ඒකත් කරන්න වෙන්නෙ නැහැ)
ආයෙත් මූණු පොතට හැරෙමුකො. මේ දවසවල ඉතින් මූණු පොතේ වැඩිපුර ඉන්නෙ MRල සහ SFල. ඇයි ඉතින් ගොඩක් profile pictures වල දාල තියෙන්නෙ එයාලවනෙ. status updates එහෙමත් ඉතින් ඡන්දෙ ගැනම තමයි. ඒව කියවන එකනම් හරිම විනෝදයක්. මොකද කවදාවත් තිබ්බෙ නැති ඡන්ද උණුසුමක්නෙ තියෙන්නෙ. ඉතින් කට්ටිය comment දාල ඉවරෙකුත් නෑ.
මම එහෙම දැකපු සමහර රසවත් දේවල් ටිකක් ඔයාලත් එක්ක බෙදාගන්න ඕනෙ කියල හිතුන. (මේව දාන්නෙ රසවින්දනය උදෙසා විතරයි කියන එක කරුණාවෙන් සලකන්න.)
එක යාලුවෙක් මෙහෙම දාල තිබ්බ. ‘බැසිල් රාජපක්ෂ ඉන්දියාවට ගොස් 13 වන සංශෝධනය ක්‍රියාත්මක කරන්නෙමියි කියා එයි. ඔහු දේශප්‍රේමියෙකි. සරත් ෆොන්සේකා 13 වන සංශෝධනය ඉටු කරන්නට සැරෙන දේශද්‍රෝහියෙක් යැයි රූපවාහිනිය ඇතුලු මාධ්‍ය කියයි. ගැටලුව ඇත්තේ දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් වෙන්කර හඳුනා ගැනීමේ නිර්ණායක ප්‍රකාශ නොකිරීමයි…’
ඒකට තව යාළුවෙක් දාල තිබ්බ මෙහෙම comment එකක්. ‘ඉතින් ගොන් රජෝ බැසිල් හරිනෙ. ශ්‍රී ලංකාවෙ ව්‍යවස්ථාව බලාත්මක වෙන්නෙ ලංකාව ඇතුලෙ විතරනෙ. ඉන්දියාවෙ තියෙන්නෙ උන්ගෙ රටේ එකනෙ බන්…ඒක නිසා ඉන්දියාවල ගිහින් 13 ගැන කිව්වට අවුලක්නෑ. හැබැයි SF කියන්නෙ ලංකාවෙ ඉඳන්නෙ. එතකොට එයා කියන්නෙ ලංකාවෙ 13 ගැන. බැසිල් කියන්න ඇත්තෙ ඉන්දියාවෙ 13 ගැන වෙන්න ඇති. නැත්නම් එයත් ලංකාවෙ ඉඳන් 13 ගැන කියන්න එපායැ……! ඒත් එහෙම නෑනෙ…!’ 🙂
ඔයවගේ ඇතිවුන තවත් සංවාදයක් කියන්නම්කො.
පළවෙනිය : MR ඡන්ද වැඩවලට ගොඩක් සල්ලි වියදම් කරනව. ඒ වියදම් කරන්නෙ කාගෙ සල්ලිද? ඇයි මිනිස්සුන්ගෙ සල්ලි එහෙම වියදම් කරන්නෙ?
දෙවෙනිය : කාගෙ වැරද්ද නිසාද එහෙම කරන්නෙ? හොඳට හිතල බලපන්. වැරද්ද SF ගෙ.
පළවෙනිය : මොකක්…? ඒ කොහොමද එහෙම වෙන්නෙ?
දෙවෙනිය : ඇයි ඉතින් SF ඉල්ලුවෙ නැත්නම් MR ට දිනන්න ඔහොම මහන්සි වෙන්න ඕනෙ නෑනෙ 🙂
ඔය වගේ ගොඩක් රසවත් කතා බලාගන්න පුලුවන් මේ කාලෙ මූණු පොත බැලුවනම්.
මම කරන තව වැඩක් තියෙනව. කෙනෙක් කියයි මේක මෝඩ ආතල් එකක් කියල. ඒත් ඉතින් තව ටික දවසනෙ මේක කරන්න පුලුවන්. ඒ හින්ද මෝඩ හරි නැතුව හරි මගේ ආතල් එක මම ගන්නව.
මම මේක කරන්නෙ හොඳට දන්න යාළුවන්ට. නැත්නම් ඉතින් කොහෙවත් යන මඟුල් ඡන්දයක් හින්දා යාළුවො තරහ කරවන්න ඕනෙ නෑනෙ. මම කරන්නෙ SF ට හරි MR ට හරි මඩ ගහල තියෙන photo එකක් අරන් දෙපැත්තෙ දෙන්නෙක්ව tag කරන එක. ඉතින් දෙන්න comment දාන ඒව කියවනකොට පට්ට ආතල්.
ඕනෙනම් ඉතින් උත්ප්‍රේරකයක් විදියට මුලින් මමම comment එකකුත් දානව. කැමති අය ඉන්නවනම් කරල බලන්නකො. හැබැයි ඉතින් ඇස් රතුවෙන්නෙ නැති විදියට, විහිළුවක් විදියට විහිළුව කරන්න පරිස්සම් වෙන්න.
ඡන්ද උණුසුම නම් මේ දවස්වල බොහොම සැරට තියනව තමයි. මිනිස්සු කතා කරන්නෙත් ඒ ගැනමයි. මට නම් කාලාන්තරයකින් මූණුපොත පැත්තෙ යන්නවත් බැරි වුණා. ගිහින් බලන්නම්.
ඔව් ගිහිල්ලම බලන්න. කැමතිනම් මම කිව්වදේ කරලත් බලන්නකො… 🙂
මේක ඔයාටම පරාවල්ලක් වෙයි සහෝ.
ම්… මම හිතන්නෙ නැහැ. මොකද කිසිම පක්ෂයක් කෙරෙහි මගෙ විශ්වාසයක්, බැඳීමක් නැති හින්ද… 🙂
ඔව්, ඒත් විහිළු කරන්න ගිහින් ඇස් රතු කරගත්තෙත් අපේ රටේ රජෙක් නෙව?
අනිත් ඒක අපේ අයගේ දේශපාලන කෝණයන් නිසා අපක්ෂපාති ඔයා එක්ක වුණත් තරහ වෙන්න පුළුවන්.
අඩො උඹ කුකුල්ලු කොටොනවා නේද
අනේ නැහැ බන්. ඒත් පොඩි (මෝඩ) ආතල් එකක් ගත්තා… 🙂