එයා කියන්න හදනදේ මොකක්ද කියල දැනගන්න මට ලොකු ඕනෙකමක් තිබුනත් එයාගෙ හිතට තවත් වද දෙන්න මට ඕනෙ වුනේ නැහැ.මගෙ පපුවට මූණ තියාගෙන අඬන එයාව මම තව තවත් තුරුල් කරගත්ත.
“අනේ බබා එපා මට ඔච්චර ආදරේ කරන්න. මම හොඳ කෙල්ලෙක් නෙමෙයි” එයා එකපාරටම එහෙම කිව්ව.
“මම ඔයාට බොරු කලා බබා. රවී මට call කරන්නෙ නැහැ කියල මම කිව්වෙ බොරු” එයා ආයෙත් කිව්වා.මොකක්දෝ අමුතුම හැඟීමක් එකපාරටම මගෙ හිතට දැනුන.
“මට ඔයත් එක්ක ගොඩක් දවසක ඉඳන් කතාකරන්න ඕනෙකම තිබුනා බබා. ඒත් ඔයාගෙ exam නිසා මට කියාගන්න බැරිවුනා. මට ඔයාට ඒ දේවල් කියාගන්න ශක්තියක් තිබ්බෙ නැහැ බබා” ශානිකා එක දිගට කියාගෙන යනවා. කියන දේවල් මට ගොඩාක් වේදනාත්මක උනත් මම එයාට හැමදෙයක්ම කියන්න ඉඩදුන්නා.
“රවී මට phone එකක් එවල තිබ්බ බබා. මම ඒක හැමදාම අරගෙන ආව ඔයා ඒකවත් දැකලා මගෙන් අහයි කියලා. ඒත් ඔයා ඒක දැක්කෙ නැහැ බබා”
මම මේ දකින්නෙ හීනයක්ද කියල මට හිතුනා. ඒත් ශාලිකාගෙ කඳුළු මගෙ පපුව දිගෙත් බේරිලා යනව. මේක හීනයක් නෙමෙයි.
“බබා රවී මාව මේ මාසෙ 26 බඳින්න ලෑස්ති කරලා…”
“මොනව…” මෙච්චර වෙලා ඉවසගෙන, හිරවෙලා හිටපු කදුළු ගුලි මගෙ ඇස් දෙකින් එකපාරට එලියට පැන්න.
අනේ දෙවියනේ අද 21. එතකොට මට ශානි දකින්නවත් වෙන්නෙ තව දවස් පහද? මම කොහොමද මගෙ ශානි නැතුව ජීවත් වෙන්නෙ? මගෙ ඔළුව පැලිල යන්න වගේ. අපි දෙන්න බදාගෙන අඬන්නෙ පිස්සුවෙන් වගේ.පැය බාගයක් විතර අපි එහෙම්මම ඉන්න ඇති.
“බබා එහෙනම් ඔයා එයාව මැරි කරල සතුටින් ඉන්න. කොච්චර අමාරු උනත් මම මගෙ හිත හදාගන්නම්…”බොහොම අමාරුවෙන් වචන එකතු කරලා අන්තිමට මම එහෙම කිව්ව. ශානිකා තවත් හයියෙන් අඬන්න ගත්ත.
“අනේ පැටියො කවදාවත් මට ඒක කරන්න බැහැ. එයාව බැන්ඳත් මට කවදාවත් ඔයාව අමතක කරල එයා එක්ක සතුටින් ඉන්න වෙන්නෙ නැහැ”
“එයා ඔයා වගේ නෙමෙයි බබා. කිසි දෙයක් තේරුම් ගන්නවත් බැහැ. එයාව බැඳල ගිහින් මම ඔයාව මතක් වෙලා ඇඬුවත් මට ගහයි”
“ඒක එහෙම වෙන්නෙ නැහැ බබා කාලයත් එක්ක ඔක්කොම හරියයි. ඔයාට මාව අමතක කරන්න පුළුවන් බබා” මම ඒ කියන හැම දෙයක්ම ඔහේ පිටවන වචන විතරයි. මට කවදාවත් හිතලනම් ඒවගේ දෙයක් කියන්න බැහැ.
“බැහැ බැහැ බබා…”ශානිකා කෑගැහුව.
“අනේ බබා මොනවහරි කරන්නකො. මට බැහැ එයාව බඳින්න” ශානි මගෙන් වැඳල ඉල්ලුව.
අනේ මම මොනව කියල කරන්නද. අපේ ගෙදරින්වත් කැමතිවෙලා තිබ්බනම්…මට දැනුනෙ ලොකු අසරණකමක්.
කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරිනිසා මම කලේ ශානිකාගෙ අයියට call කරල කියපු එක. ඒට පස්සෙ අයිය එක්කම මම ශානිකාලගෙ ගෙදර ආව.
මොකද දැන් මේකට කරන්නෙ?
ඒක ඊලඟ කොටසින්…
කොල්ලා වැඩ වරද්දගන්නද යන්නේ……………………????
අනේ සහෝ ඉක්මනට දාපන්කෝ…..
මාර කෙල්ලෙක්නෙ. ඔහොමත් වැඩ කරනවද? කසාද බදින්න දිනත් දාගෙනද ඇවිත් ඇඩුවෙ බදින්න බැහැ කියලා ?…. මම ඔයා උනානම් කණ රත් වෙන්න ගුටියක් දෙනවා… ඇත්තටම ආදරේ කලා නම් ඇයි එහෙම දෙයක් කලේ……
කවදාවත් මට එයාට වෛර කරන්න බැහැ… තවම මට හිතාගන්න බැහැ එහෙම උනේ කොහොමද කියල…
මටත් හිතා ගනන් බෑ ඔයාට ඔච්චර අදරේ කරපු කෙනා කොහොමද වෙන කෙනෙකුට ලංවෙලා ඒ කෙනා කසාද බඳින්න දවස් දාගන්න කම්ම ඔයාට ඒ ගැන වචනයක් වත් නොකියා හිටියේ කියන එක නම් . . . වෙලාවකව ආදරේ කරන කොට ඒක පොඩි එපා වීමක් වෙන වෙලාව්ල් තියෙනවා ඒත් මේ සිදුවීම ඒ පොඩි එපා වීමේ ප්රතිපලයක් නෙමෙයි වගේ . . අනේ මන්දා මොනා කියන්නද කියලා හිතා ගන්න වත් බෑ.
එක දෙයක් කියනන් මල්ලී. මේ දේවල් නිසා ඔයා ජීවිතේ කලකිරිලා ඉනන්වා නෙමෙයි නේද . . . ?ගිය දේ ගියා කියලා හිත හදාගෙන අතීතය සිහිනක් වගේ යලි යලි සිහිකරමින් ලියන ලියවිලක් නේද මේ . . .?
ලොකු දුකක් නැති උනත් මගෙ ජීවිතෙ ඇතිවුන බලාපොරොත්තු කඩවීම තාමත් තියෙනව. ඒකනම් කවදාවත් නැතිවෙන එකක් නැහැ.
ඔයාගෙ කතා ඔක්කොම මම කියවනවා සහෝ……
ස්තුතියි මගෙ කතාව කියෙව්වට
mama oyagen deyak ahannada?
me affair eka nawathinna athi kiyala mata hithenawa
oya wena affair ekak patan gaththe nadda eta passe?
natnam thawama me ganama worry wenawada?
eya oya tharamatama oyata adare kalanam, wena kenekta eyawa marry karanna dawas hitan wen karaganna ida denawada?
eya awith hariyata oyata wedding eka kiwwa wagene
eyageth kamaththak natnam kohomatath echchara durata yanna widiyak nane
eya passe awith boruwata adalada koheda?
hariyata balen bandanwa wagene
eyageth kamaththak nathuwa echchara deyak wenne kohomada?
ane manda? mata hithena hati me
wechchade gana matath hithaaganna baha. matath eyaagen ahanna prashna godak thiyenawa. ekata awasthaawak kawadhahari lAbeyi kiyala mama balaagena innawaa.
මේක පුදුම ‘වර්ෂා’වක් නෙ!!
මෙයා මොනවද මේ කියන්නේ…
මැරි කරන්න දින දාගන්න තරම් දුර ගිහින්නෙ.
තනි අතින් අත්පුඩ් ගහන්න කොහොමද?.
මට නම් තේරෙන්නෙ නෑ මේ වෙන්නේ මොනවද කියලා..
මට හිතෙන හැටියට නම් මුලදි තිබුනත් පහු කාලෙදි එතන අව0ක ආදරයක් තිබිලා නෑ..
කට්ටියටම ගොඩක් ස්තුතියි…
මට බැහැ කවදාවත් එයාට වරදක් කියන්න. මගෙ යාළුවො හැමෝමත් බනින්නෙ එයාට. ඒත් වෙච්ච හැමදෙයක්ම දිහා බලද්දි නොදන්න මොකඛරි දෙයක් පිටිපස්සෙ හැංඟිල තියෙනව කියල හිතෙනව.
ඒක වුනේ කොහොමද කියල මට දැනගන්න ඕනෙ කවදහරි. මගෙ ජීවිතේ තියෙන ලොකුම අරමුණක් ඒක.
මේ සිද්ධිය නිසා මගෙ ජීවිතෙ ඇතිවුන බලාපොරොත්තු කඩවීම තාමත් තියෙනව. ඒකනම් කවදාවත් නැතිවෙන එකක් නැහැ.
අනේ ඔයාගේන් වෙන්නෙන් වෙනවද .ආදරේ සිහිනයක් පමණයි නේද
ඉතින් ශානිගෙ අම්මිලත් ඔයාගෙ affair 1ට කැමත්තෙන් හිටිය නම් එයාලවත් ඔයා ගැන හිතුවෙ නැද්ද? එහෙනම් ශානි අම්මිලට කියන්න ඔනෙ affair 1 නැ කියලා. එත් අම්මිලා ඔයාටවත් කතා නොකර හදිස්සියෙන් wedding 1 ගැන හිතනවද? මටනම් මහ හතරබිරි කතාවක් මෙ.
කොහොම උනත් අදත් මටනම් හිතෙන්නෙ ඔයා නොලියන පුන්චි හරි දෙයක් ඇති කියලා. සමහර විට ශානිට ඔයාට වඩා ravi ට හිතයන්න ඇත්තෙත් පොඩිම දෙකට වෙන්නත් ඇති. හැබැයි එයා අඩපු 1 නම් පොඩි ඇඩ් 1 එකක් වෙන්න ඇති. මොකද අන්තිම වෙලවෙත් එයාට හොද ලමයා වෙලාම යන්න පුලුවන් නිසා.( එත් අපිට ශානිගෙ කතාව කවදාවත්ම අහන්න නොලැබෙන නිසා එයාගෙ පිටම වැරැද්ද දාන්න බැහැ. එයාටත් කියන්න පොඩිම දෙයක් හරි ඇති.)
වෙඩින් එකක් ගැන එයාගෙ අම්මල දැනගෙන හිටියෙ නැහැ මම කියනකම්.
මටත් විසඳගන්න බැරි ප්රශ්න ගොඩක් තාමත් ඉතුරුවෙලා තියෙනව…
අඩෝ .. ඉක්මනට ඉතුරු ටික දාපන්
ikmanata liyandooooooooo api noiwasillen innawoooooooo
යකෝ පැණියෝ, උඹ කොහේද ගියේ?
ලියහං කතාවේ ඉතුරු කොටස..
සමාවෙන්න ඕනෙ ටිකක් කල් ගියාට…. 🙂 exam එකක් තිබුනා.
මේ සතියෙ අනිත් කොටස දානව…
කියවනවට ගොඩක් ස්තුතියි….
aiiio aiiye ikmanata ithuru tikath dannako!!!
onna dAmmaa…