ගෙදර එන ගමනුත් ආවට පස්සෙත් ශානිකා දිගටම කලේ අඬන එක. ශානිකාලගෙ අම්ම, තාත්තා අයිය කට්ටියම එයාට බනිනව. මගෙ හිතේ කොච්චර දුකක් තිබුනත් මම කලේ බනින එක නවත්තන්න හදපු එක. මගෙ ශානිට කිසිම කෙනෙක් බනිනව නිකම් බලාගෙන ඉන්න මට පුළුවන් වුනේ නැහැ.
ඔය විදියට බදාද වෙනකල්ම මම ශාලිකාලගෙ ගෙදර ගියා හැමදාම.මගෙ ලඟට වෙලා ඉන්න ශානිකාට තිබ්බෙ ලොකු ඕනෙකමක්. ගොඩක් වෙලාවට ශානිකා කලේ මගෙ ඔඩොක්කුවෙ ඔළුව තියාගෙන අඬපු එක.බදාදත් ගිහින් හවස වෙනකල්ම හිටපු මම ගෙදර ආවෙත් වැඩි කැමැත්තකින් නෙමෙයි.
ශානිකාට මුකුත් කියන්න එපා කියල ගෙදර කට්ටිය පොරොන්දු කරගන්න පුළුවන්වුනත් එයාල ඒක පිළිපදීද කියලනම් විශ්වාසයක් මට තිබුනෙ නැහැ. ඒ සතියෙම ශානිකා වැඩට ගියේ නැහැ.ගෙදර ඒ විදියට ඉන්න ගියොත් එයාව මැරිල යයි කියල එයා මාත් එක්ක කිව්වෙත් අඬ අඬා.
දිගටම වැඩට නොයව ඉන්න ගෙදර කට්ටිය හිතුවත් මම කිව්ව එහෙම කරන්න එපා. ඒක හොඳ විසඳුමක් වෙන්නෙ නැහැ කියල.
මම කිව්ව නිසා ඊට පස්සෙ සතියෙ ඉඳන් ශාලිකාට ආයෙත් වැඩට යන්න පුළුවන් වුනා.මම ඒ ප්‍රශ්නෙදි කටයුතු කරපු විදිහ නිසා ශාලිගෙ හිතේ මගෙ ගැන තිබුනු ආදරයත්, ගෞරවයත් ගොඩක් වැඩිවෙලා තිබුනා.ශානිකා ඒකාලෙ හිටියෙ ගොඩාක් බයකින් කියල එයා කතාකරන විදියෙන් මට දැනුන.
රෑට නිදාගනිද්දිවත් මගෙ phone එක off කරන්න එපා කියල එයා මගෙන් ඉල්ලුව.ගෙදරට ඇවිත් රවී එයාව අරගෙන යයි කියල එයා හිටියෙ ගොඩක් බයෙන්. රවීගෙ මාම කෙනෙක් විපක්ෂෙ ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වුන එකත් ඒකට බලපාන්න ඇති.
ශානි වැඩට ගියෙ office වෑන් එකක. දවසක් හවස එද්දි රවී වෑන් එකක වේයන්ගොඩට ඇවිත් තියෙනව දැක්ක කියලත් එයා මට කිව්ව.ශානිකා එදා ඇවිත් තිබ්බෙ office වෑන් එකේ හැංඟිලා වගේ.
ශානිකා මට දිගටම කිව්වෙ “අනේ නුවන් මාව marry කරන්න. එතකොට මුකුත් වෙන්නෙ නැහැනෙ” කියලා.
ඒත් කැම්පස් එකේ 3rd year එකේ ඉගෙන ගන්න ළමයෙක් විදියට මට එහෙම දෙයක් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.
ඔය විදියට තව සති කීපයක් ගෙවිල ගිහින් ජූනි 9 වෙනිද උදාවුනා.එදත් ශානිකා කැම්පස් ආවා. ඒවෙනකොට ශානිකා class යන එක නතර කරල තිබුනත් මාව හම්බවෙන්නම කැම්පස් ආව. සුපුරුදුපරිදි අපි කැම්පස් නිදහස භුක්ති වින්දා.
මගෙ උපන්දිනය තිබුනෙ ජූනි 6 වෙනිදා. ශානිකා එදා ඇවිත් තිබ්බෙ මාත් එක්කම ගිහින් මට present එකක් ගන්න.ඒත් අපි කැම්පස් එකේ ගොඩක් වෙලා හිටපු හින්ද යන්න වෙලාවක් තිබුනෙ නැහැ.
එයා එදා ගෙදර ගියෙ රුපියල් 2000 බලෙන්ම මගෙ අතට දීල “අනේ බබා මේකෙන් ඔයා sandals 2 ගන්න” කියල. දිගටම වගේ ඒ දවස්වලත් රෑට ආයෙත් පැයක් විතර කතාකලා. ඒ දවස්වල පැයක් දෙකක් රෑට කතාකරන එක අපි හැමදාම කලා.
2007 ජූනි 12 වෙනි අඟහරුවාදා සාමාන්‍ය සතියෙ දවසක් වුනත් එදා මගෙ හිතට ලොකු අමුත්තක් දැනුනා. කැම්පස් එකේ counseling කරපු යාලුවෙක්ව හම්බවෙලා එයත් එක්ක සිද්ධ වෙච්ච හැමදේම කිව්ව.
මගෙ හිතට අමුත්තක් දැනෙනව කියන එකට එයා කිව්වෙ “උඹේ ගර්ල් upset එකේ ඇත්තෙ. සමහරවිට දැන් උඹව මතක් කරනව ඇති. ඒකයි එහෙම දැනෙන්නෙ කියල්ල.”
එදා රෑ ශානිකාගෙන් මට call එකක් ආවෙ නැහැ. හිතටක් අමුත්තක් දැනෙන නිසා මම ගෙදරට call එකක් ගත්ත.
අම්ම කිව්වෙ “දුව නිදි” කියලා. ඒත් ඒ කටහඬේ මොකක්දෝ වෙනසක් තිබුනා.
නිදාගන්න ගියත් නින්දනම් මගෙ ලඟට ආවෙ නැහැ. මටම නොතේරෙන මොකක්දෝ දෙයක් මගෙ හිතට දැනෙමින් තිබ්බ. උදේ වෙනකනුත් ඒ අමුත්ත දැනුන නිසා 13 වෙනිද උදේ මම ශානිකාට email එකක් යැව්ව ‘බබා මගෙ හිතට ඊයෙ ඉඳන් ගොඩක් අමුත්තක් දැනෙනවා. ඔය පරිස්සමින් ඉන්න. රවී කතා කලොත් එවලෙම මට කියන්න. මොනව උනත් එයාව හම්බවෙන්න යන්න එපා’ කියලා.
එදා උදේ 10.30 විතර මට call එකක් ආව.කතාකලේ ශානිකාගෙ අයිය.
“මල්ලි ඉන්නෙ කැම්පස් එකේද? මම පොඩ්ඩක් හම්බවෙන්න එන්නද…” මොකක්හරි දේක අසුබ පෙරනිමිත්තක් මට එවලෙ දැනුනා.
කැම්පස් එකට ආවත් අයිය මුකුත් කියන්නෙ නැහැ. මම අයියත් එක්ක ගිහිල්ලත් වාඩිවුනෙත් canteen එකේ ශානිකා එක්ක වාඩි වෙන මේසෙමයි. ටිකක් වෙලා ගිහින් අයිය මාත් එක්ක කතාකරන්න වචන හොයාගත්තා.
අනේ ශානිකා මාව දාල යන්නම ගිහින්…
අවසානයට පසු ඊලඟ කොටසින්….
Mokak . . ???
oh noooooooooooooooooooooooo
monawa karannada dukaa???
thaman adaraya karana kenage adaraya labanna hamoma pin karala naha… 😦
අයියෝ…..මේ මොකක්ද වෙන්නෙ….?
දැන් වෙලා ඉවරයි. මොනව කරන්නද? 😦
මුල ඉඳන් හැමදාම ආසාවෙන් මේ කතාව කියෙවුවා……..මට හිතාගන්න බැරි තැන් ටිකක් තියෙනවා.වෙන දවසක ඒ ප්‍රශ්න ටික දාන්නම්…………අවසානය කිවුවට කතාවේ තව තියෙනවා නේද………….
ස්තුතියි කියෙව්වට. ඕනෙ ප්‍රශ්නයක් අහන්න….
අනේ තවත් නම් ඉවසා වදාරා ඉන්න බැරියෝ ඉක්මනට අන්තිම කොටස දාන්න හොඳේ…
කතාව ඉවරයි….
අපිට කථාවක් පමණක් වුනාට, ඒක ඇත්තටම විඳින ඔබට මොන තරම් වේදනාකාරී වෙන්න ඇතිද? කණගාටුයි…
ඔව් තාමත් මම හිතෙන් විඳවනව….
I thought this would happen… 😦
how u thought? still i cnt believe that… i dnt like to believe even…
ප්‍රශ්න ගොඩයිනෙ ඉතින් මෙහෙම වුනාම…. 😦 . එතකොට අර හැංඟිල හිටිය කාලෙදි රවී ආවෙ නැද්ද ශානිකාගෙ ගෙදරට හොයාගෙන…. ?
3rd year එකෙ හිටියත් registration එකවත් අරගත්තනම් ශානිකා මෙහෙම තීරණයක් ගන්න එකක් නෑ නේද …?
එහෙම බඳින්න බැහැනෙ. අපේ ගෙදරිනුත් කැමති වෙලා හිටියනම් මොනව හරි කරන්න තිබ්බ…
ජීවිතය කියන්නෙ මහ පුදුම දෙයක්,තාම මේ ලොකේ කාටවත් හරියට නිර්වචන්යක් දෙන්ඩ බැරි වෙලා තියන්නෙත් ඒක නිසයි,ඉතින් මෙ ලබලා තියන අත්දකීමනම් කටුකයි නේ.
ඔව් ගොඩාක් කටුකයි…ඒත් මොනව කරන්නද?
දාලා ගිහින් කියන්නෙ?????
ඇත්තටම කතාවෙ අපැහැදිලි තැන් ගොඩක් තාමත් තියනව. එත් එවා අපිට පැහැදිලි කරන්න ඔයාවත් දන්නවද දන්නෙ නැහැ. ඇත්තම අවසන් කොටසත් ඉක්මනට දාන්න? ඔක්කොම ප්‍රශ්න අන්තිමටම අහන්නම්.
ඕනෙම දෙයක් අහන්න. මම දන්නවනම් කියන්නම්.
ස්තුතියි කතාව කියවනවට…
අයියෙ මටත් අපහැදිලි තැන් ටිකක් තියෙනවා…
ගෙදර අයත් කැමැත්තෙන් හිටියේ ඔයටනම්,ශානිකා කැමතිත් ඔයට නම් ඔයාට කොහොමද එයව නති උනෙ…
ඒකට උත්තර මගෙ ලඟ නැහැ… මට තාමත් හිතාගන්න බැහැ කොහොමද එහෙම උනේ කියලා…
අදයි මම ඔයාගෙ බ්ලොග්1 කියෙව්වෙ…ඔයගෙ කතවෙ අන්තිමparts2
කියෙව්වා…මේක අත්ත කතාවක්ද?
ඔව් අවාසනාවට මේක ඇත්ත කතාවක්…