මට හිතුන මට ලැබුන email එකක තිබුන වැදගත් කතාවක් ඔයාලත් එක්ක බෙදාගන්න. මේ කතාව කොකා කෝලා සමාගමේ හිටපු අධිපතිතුමාගෙ. බලන්නකො තත්පර 30 කතාවක් වුනාට මේකෙ තියෙන හරය කොච්චරක්ද කියල….
“හිතන්න ජීවිතය කියන්නෙ ක්‍රීඩාවක් කියල. අපි ඒකෙදි වැඩ,පවුල,සෞඛ්‍ය,යාළුවො,ආත්මය කියන බෝල පහ උඩ ඉදන් අතහරිනව.වැඩ කියන්නෙ රබර් බෝලයක්. ඒක ආපහු එනව. අනිත් බෝල වීදුරු. අපි ඒව අතහැරියොත් කැඩිල, බිඳිල යනව. කොහොමවත් තිබුන තත්වෙන් තියෙන්නෙ නැහැ. අපි ඒක තේරුම් අරගෙන වැඩ කරන්න ඕනෙ.වැඩ කරන වෙලාවලදි කැපවීමෙන් වැඩකරන්න. අනිත් දේවල් වලටත් වෙලාව වැය කරන්න”
මටනම් හිතෙන්නෙ මේක හොඳ පාඩමක් කියල. බලන්න අපේ කීදෙනෙක් රාජකාරී වෙලාවෙ හරියට වැඩ නොකර ඉඳල රාජකාරී වෙලාවෙන් පස්සෙත් වැඩ කරනවද කියල. පවුල,යාළුවො වගේ වැදගත් දේවල් වෙනුවෙන් වැයකරන්න වෙලාවක් තියෙනවද කියල… වෙනස තියෙන්නෙ අපි ලඟමයි. උත්සහ කරල බලමු….
කතාව සම්පූර්ණයෙන්ම ඇත්ත… අයියට ස්තුතියි මේක අපිත් එක්ක බෙදා ගත්තට
කියෙව්වට ස්තුතියි….
මමත් හිතනවා ඒක හරි කියලා…
ස්තුතියි….