සඳුදා අපේ අලුත් සෙමෙස්තරය පටන් ගන්නව. එතකොටනම් ගොඩාක් වැඩ තියෙයි. මොකද මම මගෙ තිසිස් එකත් පටන් ගන්නෙ මේ සෙමෙස්තරයෙනෙ. ඒක නිසා මේ සෙමෙස්තරය ගොඩාක් වැදගත් එකක් වේවි. මොනව වුනත් චිකාගෝවලදි මම ගිය තවත් තැනක් ගැන කියන්නම්කො. ඒ තමයි ලිංකන් පාර්ක් සත්ව උද්‍යානය.
මේකට වඩා ගොඩක් විශාල සත්ව උද්‍යාන චිකාගෝවල තියෙනව. නමුත් මේක නොමිලයේ බලන්න පුලුවන්වීම තමයි මේකෙ විශේෂත්වය. මේ තමයි ඇතුල්වීම.
මේකෙ මම වඩාත්ම කැමතිවුන තැනක් තමයි ඉස්සෙල්ලම හම්ඹුන සීල් මත්ස්‍යයින්ගේ වාසස්ථානය.
ඊට පස්සෙ සිංහයින්, දිවියන්, ව්යාඝ්රයින් සමීපව දැකගන්න පුළුවන්. වැඩි විස්තර ඕනෙ නැහැ. බලන්නකො ඡායරූප ටික.
මේ ඉන්නෙ දැකල පුරුදු කට්ටියනෙ… 🙂
මේ ඉන්නෙ කැන්ගරුවන්…
පහල ඡායාරූපයට කොහෙන්ද තවත් මූණක් ඇවිත්. ගනන් ගන්න එපා හොඳද…
මේ පෙන්ගුයින්ල… දාල තියෙන වීදුරුවෙ වතුර තියෙන නිසා හොඳ ෆොටෝ එකක් ගන්න බැරි උනා… 😦
දැන් 12.30ත් වෙලා. නිදාගන්න ඕනෙ. පුලුවන් විදියට ආයෙ ලියන්නම්කො….
awesome ❤ ❤ ❤
thanks…
බෙදාගත්තට ස්තූතියි. අළුත් සෙමෙස්ටරයට ජය!
ස්තුතියි……
ස්තුතියි ඉන්දික ! ගිහින් බැලුවා වගේ.මම අපේ ගෙදර ඔක්කොටම පෙන්නුව ඔයාගෙ බ්ලොග් එක..
ස්තුතියි ප්‍රතිචාරයට…