මාස ගානකින් පොඩි නිවාඩුවක් හම්ඹුනා. මේක ලියන ගත්තෙ සතුටුදායක ආරංචියක් දෙන්නත් එක්ක. මම මගෙ තිසිස් එකත් ඉවර කලා. කලින් උපාධි උත්සවය තිබුනත් නිල වශයෙන් උපාධිය සම්පූර්ණ උනේ අගෝස්තු පළවෙනිදා. රැකියා අවසර පත්රයක් අයදුම් කරල තියෙන්නෙ. ඒක හම්ඹෙනකල් වැඩ කරන්න තහනම්. ඒක නිසා සති 2ක වගේ පොඩි නිවාඩුවක් තියෙනව.
උපාධිය සම්පූර්ණ කිරීමේ සතුටත් එක්ක හිතට පොඩි දුකකුත් තියෙනව. මගෙ කාර්යාල කාමරේ මාත් එක්ක අවුරුදු 2ක් එකට හිටපු රොබට්, මගෙ සහෝදරයෙක් වගේ හිටපු සැම්සන් දෙන්නම වෙන නගරයකට යනව. ප්රියයන්ගෙන් වෙන්වීමේ දුක හොඳටම තේරෙනව. ආහ්… කියන්න අමතක වුනානෙ. රොබට්ගෙ විවාහ උත්සවය තියෙන්නෙ මේ මාසෙ 13. පළවෙනි වතාවට ඇමරිකානු විවාහ අත්දැකීමක් ලබාගන්න පුලුවන් එදාට.
ගොඩක් කට්ටිය ඇමරිකානු ජීවිතේ ගැන තව කියන්න ලියල තිබ්බ නිසා අද මට හිතුනා මෙහෙ අලිගැටපේර පාවිච්චිය ගැන ලියන්න. ලංකාවෙ අපි අලිගැටපේර බීම බොනව සහ අතුරුපසක් විදියටත් පාවිච්චි කරනවනෙ. ඒත් මෙහෙ අයට ඒක කිව්වම කියන්නෙ “වාකලා” කියල. ස්පඤ්ඤ බාසාවෙන් “වාකලා” කියන්නෙ “ඊයා” කියන එක. මෙහෙ අයට ඒක කිව්වමත් අප්පිරියයි. මෙහෙ අය අලිගැටපේර පාවිච්චි කරන්නෙ වෙනත්ම දේකට. මෙහෙ තියෙනව කෑමක් “තොටිය” කියල. (thotiya කියල කිව්වට ඒක ලියන්නෙ tortilla කියල. ස්පඤ්ඤ බාසාවෙ ඉංග්රීසි අකුරු පාවිච්චි කලාට අකුරු කියවන විදිය ටිකක් වෙනස්. ඒක ගැන වෙනම ලියන්නම්කො).
“තොටිය” අපේ රොටි සහ ගෝදම්බ රොටි අතරමැදි අවස්තාවක්. මෙක්සිකානු ජාතිකයන්ගෙ ජාතික ආහාරය වගේ තමයි ඒක. එයාලගෙ කෑම වලින් බාගයක්ම තියෙන්නෙ “තොටිය” වලට සම්බන්ද ඒව. කොහොමහරි ඉතින් එයාල අලිගැටපේර කන්නෙ මේ තොටිය වල ගාගෙන හරියට අපි පාන් වල බටර් ගානව වගේ. හිතල බලන්නකො රොටි වල ගාගෙන අලිපේර කනහැටි. “වාකලා” නේද?
ආයෙ ඉක්මනින්ම හමුවෙමු…
උඹ PhD එක කරන්නේ නැද්ද? ඔන්න ඔහේ ඒකත් කරලම දාපන්.
Anyway Congratz !!!
අවුරුද්දක් දෙකක් වැඩ කරන්න කියල බැලුවෙ. අනික research කරන නිස ඒක PhD වලට උදව්වක්… thanks…
මම මේ සමර් එකේ New york වල එකක වෑඩ කරන්නේ. ගොඩක් අය Sandwich එක්ක අලි ගෑට පේර කනව.
New york වල Subway එකක*
ඔව් ඒක තමයි. ට්රයි කරල බලන්න ඕනෙ… 🙂
ගොඩාක් ඉදෙන්ට කලින් අලිපේර සැන්ඩ්විච් පෙත්තක ගාලත් රහයි. ඒත් ඒකට තව මොනවා හරි දාන්ට ඕනේ…එක්කෝ බෝතල් කරපු ලුනුමිරිස් (මේ පැත්තේ නම් ඒ වගේ බෝතල් තියනවා ) තව සැලැඩ්වලටත් අලිපේර කෑලි කපලා දානවා මෙහෙ නම්.
කොහොමටවත් ‘වාකලා’ නෙමේ……:)
මටත් ට්රයි කරල බලන්න හිතෙනව. ඒත් මට කැමත්තක් හිතෙයිද විශ්වාසයක් නැහැ. මොකද කොහොමත් උදේට “බේගල්” කන එක වගේ දේවල් දිරවන්නෙ නැහැ…
අයියා මේක මම කලින් අහන්න හිතපු දෙයක්,මටත් අසාවක් තියෙනවා දිගටම ඉගෙන ගන්න,Msc කරන එක ගැන විස්තර එවන්න පුලුවන්ද,වියදම ගොඩක් යාවිද?.මගේ mail එක shanaka8939@gmail.com
මම ඊමේල් කලා…
බොහොම ස්තුතියි අයියේ….
හපෝ වකාලා නේන්නම්…… වකාලා වකාලා !!
[ගොඩක් කාලෙකින් කියවන්න කම්මැලි නැති බ්ලොග් එකක් හම්බු උනා ]
බොහොම ස්තුතියි කියවනවට…
ඊ එහෙම කන්න පුලුවන්ද?
මාත් ට්රයි කරල කියන්නම්කො. මෙහෙ අයනම් කිසි ප්රශ්නයක් නැතුව කනව… 🙂
සුබ පැතුම්!!! ඉක්මණින් රැකියා අවසර පත්රය ලැබේවා කියලත් පතන්නම්!!
බොහොම ස්තුතියි…
tortilla – තොටිල්ල