ගොඩක් කාලෙකින් ආයෙත් ලියන්න ගත්ත. අද ගොඩක් වෙලාවක් නැහැ. ඒත් පොඩ්ඩක් හරි ලියනව කියල ආව.
පහුගිය දවස් දෙකේ මෙහෙ නිවාඩු “Thanksgiving” වලට. නවීන “thanksgiving” සමරන්නෙ තෑගි දිනය(present-day) පදනම් කරගෙන උනත් මේකෙ ආරම්භය ඊට වඩා එහාට යනව කියල තමයි කියන්නෙ. රතු ඉන්දියානුවන් අස්වැන්න නෙලාගෙන ඉවරවෙලා දෙවියන්ට ස්තුති කිරීමක් විදියට උත්සව පවත්වල තියෙනව. ඒක තමයි “thanksgiving” වල ආරම්භය කියල කියන්නෙ. පොඩ්ඩක් විකිපීඩියා බලන්නකො වැඩිදුර විස්තර ඕනෙනම්.
thanksgiving
කොහොමහරි “thanksgiving” වැටෙන්නෙ නොවැම්බර් හතරවන සතියෙ බ්‍රහස්පතින්දා. ඒකට බ්‍රහස්පතින්දා සිකුරාදා දෙකම නිවාඩු. සිකුරද “black friday” කියල කියන්නෙ. එදාට ගොඩාක් විදුලි උපකරණ, කම්පුටර්, ඇඳුම් වගේ හැමදෙයක්ම සේල් දානව. බඩුවල ගනන් බාගෙට බාගයක් අඩුයි. ඒත් ඉතින් පෝලිමත් ඒවගේම තමයි. සමහර සේල් පටන් ගන්නව සිකුරාද ලබපු ගමන්. ඒකියන්නෙ බ්‍රහස්පතින්දා රෑ 12 ට. ඒත් මිනිස්සු පෝලිමේ ඉන්නව රෑ 8,9 ඉදල.
මම කලින් කවදාවත් එදාට බඩුගන්න ගිහින් තිබ්බෙ නැහැ. ඒත් මේපාර බලන්නත් එක්ක රෑ 12ට ෂොපින් ගියා. අපි ගිය සුපර් මාර්කට් එකේ මිනිස්සු 1000-2000 වගේ පෝලිමේ හිටිය. ඒවුනත් කොහොමහරි විනාඩි 20 වගේ අපිට ඇතුලට යන්න පුලුවන් වුනා. බඩුනම් ඇත්තටම අඩුයි. TV, camera, laptop වගේ ගොඩක් අඩුවට තිබ්බ. මම මුකුත් ගත්තෙනම් නැහැ ඒත් ලබන පාර ප්ලෑන් කරල ගිහින් ගන්න ඕනෙ කියල හිතා ගත්ත.
ආහ්හ්… මට කියන්න අමතක වුනානෙ. මට අලුත් ජොබ් එකක්(Research Associate) හම්ඹුනා. ආරම්භයක් විදියට ගොඩාක් හොඳ එකක්. පර්යේශන කරන වෛද්‍යවරුන්ට සංඛ්‍යානය පැත්තෙන් උදව් කරන්න තියෙන්නෙ. ඒක ගොඩක් හොඳ අත්දැකීමක්. මම ඒකට ගොඩාක් කැමතියි. කොහොමහරි අවුරුද්දක්, දෙකක් මේක කරන්න තමයි හිතාගෙන ඉන්නෙ. බලමුකො මොකෝ වෙන්නෙ කියල.
ආයෙත් හම්බවෙමු.
දෙයියනේ කියලා “thanksgiving” එකට පිං සිද්දවෙන්න මම 185$කට ipod එකක් ගත්තා…මගේ බොසාගෙන් USB මවුසෙක් තෑගි හම්බුනා…පෝලිමේනං හිටියා ටිකක්….
ගොඩක් හොඳ deals තියෙනව තමයි… එහෙම මොනවහරි ගන්න හිතේ තියෙනවනම් පෝලිමේ ඉන්න එක පාඩු නැහැ…
පොඩ්ඩි නම් ඔය සිරිතට කැමතියි. මොන විදියට පටන් ගත්තත්, පවුලේ ඔක්කොම, යාලුවොනුත් එකතුවෙලා එයාලගෙන් වෙච්ච දේවලට ඔයවගේ ස්තූති කරන එකත් කොච්චර හොඳ දෙයක්ද?
පොඩ්ඩිත් ඔය පෝලිම් දැකලා තියෙනවා. යාලුවෝ අඬ ගහලාත් ගියේ නැතුව හිටියට දැන් නම් ඉතින් අප්සෙට්… 🙂
පවුල්වල කට්ටිය එක්ට එකතුවෙන එකනම් ගොඩක් හොඳයි තමයි. මෙහෙ ළමයින්ගෙ පවුල්වලින්, international studentsලටත් එයාලගෙ ගෙවල්වලට ආරධනා කරනව…
අපරාදේ මොනව හරි ගන්න තිබුනේ.මෙහෙ ඔහොම දිනයක් නෑ
මේපාර මගෙ ලඟ සල්ලි තිබ්බෙ නැහැ. පළවෙනි පඩිය දෙසැම්බර් 1. ම්ම්ම්… තව ටික දවසයි… 🙂
පෝලිමේ උන්නත් මොකෝ බඩු ලාබනම්. සුභපැතුම් අළුත් රැකියාවට 🙂
Sthuthiyi…
ලබන්නාවූ 2012 නව වසර ඔබ ඇතුළු පවුලේ සැමගේ සුභ සිහින ඉටුවන සුභම සුභ නව වසරක් වේවා – [නවම්-චූටිමැණිකේ-ලීනු]
Bohoma sthuthiyi. Obatath esema wewa…