Feeds:
ලිපි
ප්‍රතිචාර

Archive for the ‘අනං මනං’ Category

මේක මම ලියපු එකක්නම් නෙමෙයි. ඊමේල් එකකින් ආවෙ. ලස්සන කතාවක් නිස බෙදාගන්න හිතුනා.


ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය ඉදිරිපිට වූ බංකුවක් මත අසුන් ගෙන සිටි ජෝන් ස්මිත් තවත් වරක් නැගිට තම හමුදා නිල ඇදුම සකසා ගත් අතරම දුම්රිය ස්ථානයෙන් පිට වන මගීන් දෙස බැලුවේ පරීක්‍ෂාවෙනි. ඔහු බලාපොරොතුවෙන් සිටියේ තමන් හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණියවයි,රෝස මලක් අතින් ගෙන පැමිනීමට පොරොන් දු වූ තරුණියවයි.


ඇය කෙරේ ඔහුගේ උනන්දුව මීට දහතුන් මසකට පෙර ෆ්ලොරිඩාවේ පුස්තකාලයක් තුලදී ඇති වුනි. එදින පුස්තකාලයෙන් ඔහු පොතක් ලබා ගත් අතර ඔහුගේ සිත ඇදී ගියේ එම පොතේ මුද්‍රිත වාක්‍ය වලට නොව එහි පිටු අතර තැනින් තැන ලියැවී තිබූ ආදරණීය වූත් අර්ථවත් වූත් වාක්‍ය ඛන්ඩ වලටය . ඒවා එම පොතේ මුල් අයිතිකාරියගේ අදහස් වූ අතර ඇයගේ නම පොතේ මුල් පිටුවේ සදහන් කර තිබුනි,මේරි ජොන්සන්.


ඔහුගේ බලවත් උත්සාහයත් කැපවීමත් නිසා අවසානයේ ඇයගේ ලිපිනය සොයා ගැනීමට ඔහු සමත් වූ අතර ඇය නිව්යෝර්ක් නගරයේ පදිංචිකාරියක් වූවාය… තමන් හදුන්වා දෙමින් පොතේ සටහන් කර තිබූ ඇගේ අදහස් අගය කරමින් ඔහු ඇයට ලිපියක් ලියූ අතර සතියක පමාවෙන් ඇගෙන් පිලිතුරු ලිපියක් ලැබුනි. ඉන් මද කලකට පසුව දෙවන ලෝක යුද්ධයට සහභාගී වීමට ඔහු යුරෝපය බලා පිටත් විය.. ඉන්පසුව ගෙවී ගිය වසරකුත් මාසයක් වූ කාලය තුල ඔවුන් දෙදෙනා ලිපි හුවමාරු කර ගත් අතර ඒ සෑම ලිපියක් පාසාම ඔවුන් තුල එකිනෙකා කෙරෙහි ආලය ව් අර්ධනය වනු ඔවුන් දෙදෙනාටම දැනුනි.ජෝන් ඇගෙන් ඡායාරූපයක් ඉල්ලා සිටිය මුත් ඇය එම ඉල්ලීම තදින්ම ප්‍රතික්‍ෂේප කලාය. ඇගේ අදහස වූයේ ඔහු ඇයට සත්‍ය වශයෙනම ආලය කරනවා නම් ඇගේ ස්වරූපය පිලිබදව ඔහු උනන් දු නොවිය යුතු බවයි.


ඔහු යුරෝපයේ සිට යලි ඇමරිකාව බලා පැමිනෙන දිනය ලගා වූ අතර ඔවුන් දෙදෙනා ඔවුන්ගේ පලමු හමුවීම නිව්යෝර්ක්හි ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසල සවස 6ට යොදා ගත්තෝය.


“මාව හදුනා ගන්න පහසු වෙන්න මම රතු රෝස මලක් මගේ ගවුමේ පලදින්නම්” ඇය අවසන් ලිපියේ සදහන් කලා. එම නිසා ජෝන් ස්මිත් නියමිත දින සවස 5.30 වන විට ගෑන්ඩ් සෙන්ට්‍රල් දුම්රිය ස්ථානය අසලට පැමිනි අතර හදවතින් හදුනන නමුත් මුහුනුවරින් නොහදුනන තරුණිය පැමිනෙන තුරු ඔහු නොඉවසිල්ලෙන් බලා සිටියා.


කතාවේ මීලග කොටස ජෝන් ස්මිත්ගේ වචන වලින්ම ඔබට ඉදිරිපත් කරන්න“හරියටම සවස 6වන විට සිහින් උස තරුණියක් මා සිටි දෙසට පැමිනියා,ඇගේ කලුවන් කෙස් කලබ සැදෑ හිරු වැදී බැබලුනු අතර ඇගේ නිල් පැහැති දෙනෙත් වල කාන්තියට මා වසග වූවා. ඇගේ රෝස පැහැ දෙතොල් මත මද සිනාවක් තැවරී තිබුනි අතර ඇය හැද සිටි තද කොළ පැහැති ඇදුමින් ඇගේ ශෝබාව දෙගුණ තෙගුණ වී තිබුනා. විසි පස් හැවිරිදි තරුණයෙකු වූ මා මගේ ජීවිතය තුල එතෙක් දැක තිබූ ලස්සනම කාන්තාව ඇයයි.

ඇය රතු පැහැති රෝස මලක් පැලද නොසිටියත් මම ඉබේම ඈ දෙසට ඇදී ගියේ මටත් නොදැනීමයි. මා දෙස බලා මද සිනාවක් පෑ ඇය මා පසු කර ගිය අතර මා එවිටම දුටුවේ මේරි ජොන්සන්වයි.ඇය රූමත් තරුණිය පිටුපසින්ම වාගේ සිටියාය. ඇය තරුණියක් නොවූ අතර මැදි විය පසු කරමින් සිටි ගැහැණියක් වූවාය. ඇය හිස් වැස්මක් පැලද සිටි අතර ඒ අතරින් ගෙල පෙදෙසට වැටී තිබූ අළු පැහැ වූ කෙස් කලබෙන් ඇගේ වයස පිලිබදව සාක්‍ෂියක් සැපයුනි. තරබාරු කාන්තාවක් වූ ඇය අවසන් ලිපියෙන් පොරොන්දු වූ පරිදිම රතු රෝස මලක් පැලද සිටියාය…ලොව මා වටා භ්‍රමනය වන ආකාරයක් මට දැනුනි.


මේ වන විට තද කොළ පැහැති ඇදුමකින් සැරසී සිටි රූමත් තරුණිය කෙමෙන් කෙමෙන් මගෙන් ඈත් වෙමින් සිටියා. මගේ හදවත කැබලි වලට බිදී යන ආකාරයක් මට දැනුනි,ඇය පසු පසින් යාමට බලවත් අවශ්‍යතාවයක් මට තිබුනත් වසරකට අධික කාලයක් තිස්සේ මා සමග ලිපි හුවමාරු කර ගනිමින් මට ශක්තියක් වූ කාන්තාව සමග මද වේලාවක් හෝ ගත කිරීම මගේ යුතුකමක් බව මට සිතුනි.


මම යලිත් ඇගේ තරබාරු සුදුමැලි මුහුන දෙස බැලුවෙමි. ඇගේ කරුනාවන්ත දෑස් මා වෙත යොමු වී තිබූ අතර මද විමතියක සලකුනු ඒවායේ සටහන් වුනා. තවත් පමා නොවූ මා මෙතෙක් කලක් මා ප්‍රවේශමෙන් ආරක්‍ෂා කර ගත් ඇගේ පොත ඇයට බාර දුන්නා.


ඇය දුටු පමනින් ඇය රූමත් තරුණියක නොවූ නිසා මගෙ සිතේ ඇති වූ කලකිරීම පිලිබදව මේ වන විට මා පසුතැවුනු අතර මා ඇයට මාව හදුන්වා දුන්නා.


“මම ලුතිනන් ජෝන් ස්මිත්,ඔබ මේරි ජොන්සන් විය යුතුයි,ඔබව හමු වීම මට මහත් සතුටක්,මා සමග රාත්‍රී ආහාරයට පැමිනීමට මා ඔබට ආරාධනා කරනවා”


කාන්තාවගේ මුහුනේ මද සිනහවක් ඇදී ගියා.


“මම දන්නේ නෑ පුතේ මේකේ තේරුම ” ඇය පිලිතුරු දුන්නා.


“මට කලින් ආව තද කොළ පාට ඇදුමක් ඇදන් හිටිය කාන්තාව මගෙන් තදින්ම ඉල්ලා හිටියා මේ රෝස මල මගේ ඇදුමේ පලදින්න කියලා. එයා කිව්වා පුතා මට රාත්‍රී ආහාරයකට ආරාධනා කලොත් පුතාට කියන්න කියලා එයා පාරෙන් එහා පැත්තේ විශාල අවන්හලේ පුතා එනතුරු ඉන්න බව. ” ” මේක එක්තරා ආකාරයක පරීක්‍ෂණයක් බව ඇය කිව්වා”.

 

රූපයට නොව හදවතට ආදරය කරන්න ඔබ ජය ගනීවි.

 

 

~~~~ උපුටා ගැනීමකි~~~~

Advertisements

Read Full Post »

මේක මට හම්ඹුනේ ඊමේල් එකකින්. අපේ සෝම හාමුදුරුවො ගැන. මේක ගොඩක් අය අහල දැකල ඇති. ඒත් නොදැකපු කාට හරි දැකගන්නත් එක්ක පෝස්ට් කරන්න හිතුන… 

පූජ්‍ය ගංගොඩවිල සෝම ස්වාමීන් වහන් වරක් උදෑසන හීල් දානයට වැඩම නොකළේ මන්දැයි සොයා බලන විට උන්වහන්සේ ධර්මායතනයේ ගේට්ටුව ළග සිටින බැව් දැන ගන්නට ලැබිණි. එහි ගිය අයට උන්වහන්සේගේ පිළිතුර වුයේ “ඊයෙ රෑ මට ඇමතුමක් ආවා අද එළියට බෑස්සොත් මරණවයි කියලා. මම මේ ගේට්ටුව ගාවට ආවා කවුද එන්නෙ කියලා බලන්න”. ජාතික වීරයන් යනු මෙවැනි පුරුෂයන්ය…

වරක් මහ නාහිමි අසනීපයෙන් ඈපලෝ රෝහලේ පසුවෙද්දී සෝම හිමියෝ උන්වහන්සේට පිරිත් කියමින් උන්හ. එවිට එහි ගොඩ වැදුනේ එවකට සිටි රටේ නායිකාවයි. ඇයත් සමග ඇයගේ උපදේශක හිමිනමක්ද විය. මහ නාහිමියන්ගේ රෝහල් කාමරයට පෑමිනි ඒ හිමි නම මැඩම් ඇවිල්ලා යැයි කී විට සෝම හිමි වදාළේ පිරිත් කියා අවසන් වනතුරු ඈයට ඉන්න කියන ලෙසය. එසේ කියා උන්වහන්සේ දිගටම පිරිත් කී සේක.

විනාඩි විස්සකට පමණ පසු ඇයට මහ නාහිමි බැහැ දකින්නට අවසර ලැබිණි. සෝම හිමියන් හදුන්වාදුන් පසු ඒ “මැඩම්” – “ආ මම ඔබ වහන්සේගෙ බණ අහලා තියෙනවා” යෑයි කීවිට සෝම හිමියන් අභීතව ප්‍රකාශ කළේ “අනේ බොරු කියන්න එපා” ලෙසය. ඈයට කී බොරුව අතේම පත්තු විය. පසුව යන්න ලෑස්ති වී ඇය උන්වහන්සේට ආරාධනාවක් කළාය. එනම් ඇයට කෝල් එකක් දී ඇයට පහසු විටක ඇයව පෑමිණ මුණ ගැසෙන ලෙසය. සෝම හිමියන් ඇයට අපූරු උත්තරයක් දුන් සේක. “මැඩම්, මම දින පතා ගම් දනවු වැඩම කරමින් දිවා රෑ නොබලා මිනිස්සුන්ට බණ කියනවා. මට හරි අවිවේකයි. ඔබතුමිය මට විවේකී වෙලාවක ඈවිදින් මාව හමුවෙන්න…”

උන්වහන්සේ පැතුවා වූ බෝධියකින් නිවන් අවබෝධ කර ගනිත්වා.

Read Full Post »

මේක මම ලියපු එකක්නම් නෙමෙයි. මට අගෝස්තු වෙනකල් මුකුත් ලියන්න වෙලාවක් හම්බෙන එකක් නැහැ. ඒත් අගෝස්තු වලින් පස්සෙ ටිකක් නිදහස් මගෙ තිසිස් ඉවරවෙන නිසා.
කොච්චර වැඩ තිබුනත් ඊමේල් එකකින් ආපු මේ ලිපිය ඔයාලත් එක්ක බෙදාගන්න හිතුන ගොඩක් සංවේදී ලිපියක් නිසා. මේවගේ දේවල්, මේ අසරණ හැඟීම අද ගොඩක් දෙනෙකුට අත්දකින්න වෙනව ඇති. ඔයාලත් කියවල බලන්නකො.

සිත රිදුන තැන්...

සිත රිදුන තැන්...

Read Full Post »

ගොඩාක් කාලෙකින් මුකුත් ලියන්න බැරි උනා. මේ මගෙ MSc එකේ අන්තිම සෙමෙස්තරය. අලුතින් university වලට අයදුම් කරන වැඩ, තිසිස් එකේ වැඩ ඔක්කොම ගොඩ ගැහිල. පුලුවන් උන ගමන් ආයෙත් ලියනව…

Read Full Post »

අම්මා…

මට මේක හම්ඹුනේ ඊමේල් එකකින්… මගෙ ඇස් වලට කඳුළු ආව මේක කියවද්දි… ඔයාලත් කියවල බලන්නකො…

Read Full Post »

ගස්ලබු කොල ඉස්ම ඩෙංගු වලට ගොඩක් හොඳ බේතක්ලු. මම මේක දැක්කෙ දුමී ලියල තිබුන “ඩෙංගු මාරයා පරද්දමුද ?” ලිපියෙන්. ඔයාලත් කියවල බලන්නකො.

ඔයාලත් තමන්ට පුලුවන් විදියට මේක ප්‍රචාරය කලොත් හොඳයි නේද? එක ජීවිතයක් හරි මේකෙන් බේරගන්න පුලුවන් උනොත් මොනතරම් දෙයක්ද…

Read Full Post »

මට මේක ලියන්න හිතුනෙ ඉරිදට දහම් පාසල් යාමට ඉඩදීම සඳහා පන්ති නැවත්වීම ගැන Beyond Frame ලියල තිබ්බ “මගේ දරුවන් දහම් පාසල් නොයනු ඇත්තේ ය!” ලිපිය දැකල. එතනත් මම මගේ අදහස් කිව්ව. ඒත් ඊට වඩා හොඳයි කියල හිතුන වෙනම ලිපියක් ලියන එක.

මොනව වුනත් ඉරිද උදේ පන්ති නැවත්වීමට මමනම් කැමතියි. දහම් පාසල් යන නොයන එක තම තමන්ට අයිති වැඩක්. නමුත් කැමති අයට යන්න අවස්ථාවක් තියෙන එක හොඳයි. අකමැති අයට නොයා ඉන්න පුළුවන්නෙ. මොකද බලෙන් යන්න කියන්නෙ නැහැනෙ.

පන්තිවල වෙලාවල් එකපාරට වෙනස් කරන්න වෙන එකනම් ප්‍රශ්නයක් තමයි. කොහොමත් පුරුදුවෙලා තියෙන විදිය වෙනස් වුනාම මුලදි අමාරුයි. නමුත් ටික කාලයක් යද්දි අලුත් විදියට හුරු වෙනව. මේක ගොඩක් ලොකු දෙයක් නෙමේනෙ. පන්තිවල දවස මාරුවෙන එකට ළමයි ගුරුවරු ඉක්මනින්ම හුරුවෙයි. මම හිතන්නෙ අපි හිතන විදිහ වෙනස් කරගන්න ඕනෙ. ගොඩක් දෙනෙක් පුරුදු වෙලා ඉන්නෙ කිසිම දෙයක් හොයන්නෙ බලන්නෙ නැතුව ඕනෙම දේකට බොරුවට කෑ ගහන්නනෙ.

තවත් දෙයක් තියෙනව. සිකුරාද හවසට කිසිම විභාගයක් තියන්නෙ නැහැ මුස්ලිම් අයට පල්ලි යන්න නිසා. කට්ටිය මුල ඉඳන්ම ඒකට පුරුදු වෙලා නිසා කවුරුත්ම ඒගැන මුකුත් කියන්නෙ නැහැ. එහෙම එකේ බහුතරයක්වුන බෞද්ධයන්ගෙන් කැමති අයට දහම් පාසල් යන්න අවස්ථාව දෙන එක වැරදි නැහැ කියල මටනම් හිතෙන්නෙ. අනිත් එක පන්ති නැතිවුනොත් දැන් යනවට වඩා වැඩිපුර දෙනෙක් දහම් පාසල් යන්න ගනී කියල මම හිතනව.

මට හිතුන විදියට ඒ ලිපිය ලියල තියෙන්නෙ ගොඩක් අන්තවාදී විදියට. “දහම් පාසල් වල වැදි බණ කියනව, පුබ්බරුවට වඳින්න උගන්නනව, සිංහල බෞද්ධ ලෙස වෙන් වෙලා අනිත් අයව කොන් කිරීමක් වෙනව, ළමයින්ව කුහකයින් වංචනිකයන් කෙරෙනව, කොදු නාරටි නැති බලය ඉදිරියේ දෙකට නැමෙන පනුවන් කෙරෙනව…..”
දහම් පාසල් තියෙන්නෙ කෙල්ලො කොල්ලන්ට ලව් කරන්න කියල හිතනවනම් තවත් කවර කතාද?

මටනම් තේරෙන විදියට අපි ගොඩ දෙනෙක් බෞද්ධයො හරියට බුද්ධාගම දන්නෙ නැහැ. නිකම් නාමික බෞද්ධයො විතරයි. කීයෙන් කීදෙනාද පෝය දවසටවත් පන්සල් යන්නෙ. ගොඩාක් ගුරුවරු පෝය දවසක් එනකල් ඉන්නෙ අමතර පන්ති දාන්න. මොකද එයාල දන්නව ළමයි පන්සල් යන්න කැමැත්තක් නැහැ කියල. පෝය දවස නිකම්ම නිකම් නිවාඩු දවසක් බවට පත්වෙලා.

හැම පන්සලකින්ම දහම් පාසලකින්ම කෙරෙනවද කියන්න මම දන්නෙ නැහැ. ඒත් පන්සල් ඇසුරු කිරීමෙන් ස්වයං හික්මීමක් ඇතිවෙනව. ධර්මය ඉගෙනීමක් සිද්ධ වෙනව. මමනම් හිතන්නෙ ඒකෙන් කිසිම නරකක් වෙන්නෙ නැහැ කියල. ඉතින් එහෙම එකේ දහම් පාසල් යන එක පන්ති පැවැත්වීම මඟින් බලෙන් නැවැත්වීමක් නොකර කැමති අයට යන්න අවස්ථාවක් ලබාදීම හොඳයි නේද?
මේක මගේ අදහස. මම කැමතියි ඔයාල මේක දකින්නෙ කොහොමද කියලත් දැනගන්න.

Read Full Post »

Older Posts »