Feeds:
ලිපි
ප්‍රතිචාර

Archive for the ‘ආදරේ’ Category

කියල දෙන්න මට…

ඔයත් එක්ක වාඩි වෙලා කුරුල්ලො සිංදු කියනහැටි අහන් ඉන්න මම ගොඩක් ආසකලා

කිසිම සංගීතයක නැති අමුතුම රිද්මයක් ඒවයෙ තිබ්බ

ඉර බැහැගෙන යද්දි සැන්දෑ අහසෙ තිබ්බෙ අමුතුම ලස්සනක්

ඒ හැමදේටම වඩා මම ආස කලේ මගෙ පපුවට තුරුල් වෙලා හිටපු ඔයාගෙන් ආපු ඒ සුවඳට

කිසිම තැනකදි මම විඳල නැති අමුතුම සුවඳක් ඔයා ලඟ තිබුනෙ

මතකද වළාකුළු වලින් මැවෙන එක එක රටා කියවන්න අපි මහන්සිවුන හැටි

ඔයා කිව්වෙ ඒ දෙවියො අපිට එවන පණිවිඩ කියල


කාලෙකට කලින් ගොඩක් ලස්සනට තිබුන ඒ කිසිම දෙයක් අද ලස්සන නැහැ

කුරුල්ලන්ගෙ තියෙන්නෙ මහ මලානික සද්දයක්

ඉස්සර තිබුන කිසිම රටාවක් වළාකුළු වල නැහැ

මට තේරෙන්නෙ නැහැ මේ හැමදේකටම මොකද වෙලා තියෙන්නෙ කියල

ඒ හැමදෙයක්ම ඔයත් එක්කම යන්නම ගිහිල්ලද

Advertisements

Read Full Post »

මගේම රත්තරන්….

ඔයාට මතකද ඒ හැන්දෑව

වෙරළෙ ගලක් උඩට වෙලා ඉර මුහුදෙ ගිලෙනව අපි බලන් හිටපු හැටි

ඒක දිහා බලල ඔයා කිව්ව “ලෝකෙට තනි රකින්න හඳ ආපු දුකට ඉර යන්න යනව” කියල

මම ඇහුව “ඒ ඉරට වෙච්චදේ කවදහරි මටත් වෙයිද” කියල

එතකොට ඇස්වල කඳුළු පුරෝගෙන ඔයා දීපු උත්තරේ මට තාම මතකයි

“මම කවදාවත් ඔයාව දාල යන්නෙ නැහැ බබා

මගෙ ජීවිතය තියෙනකල් එහෙම වෙන්නෙ නැහැ”

එදා ඔයාගෙ ලඟින් ආපු ඒ සුවඳ මට තාම දැනෙනව

ඔයාගෙ සිනිඳු තොල්පෙතිවල පහස මට තාම දැනෙනව

මතකද ඔයා ඇහුව “මට කොච්චර ආදරේද” කියල

මතකද මගෙ උත්තරේ “මගෙ පණටත් වඩා”

ඔව් මගෙ රත්තරන් මගෙ පණටත් වඩා මම ඔයාට ආදරෙයි

ඒත් ඒ ගොඩාක් කාලෙකට කලින්

දැන් ඔයාව මට අයිති නැහැ

ඔයා නැතුව ගෙවන ජීවිතේ මේ තරම් අමාරුයි කියල දන්නවනම්

මම කවදාවත් ඔයාට යන්න දෙන්නෙ නැහැ

මම ඔයාට ගොඩාක් ආදරෙයි බබා

එදා වගේම අදත් ආදරෙයි

මම පොරොන්දු වෙනවා ඒ ආදරේ වෙනත් කෙනෙකුට දෙන්නෙ නැහැ කියල

කවදාවත්ම ඔව් කවදාවත්ම

මගෙ රත්තරන් ඒ ආදරේ අයිති ඔයාට විතරයි

Read Full Post »