Feeds:
ලිපි
ප්‍රතිචාර

Archive for the ‘වර්ෂා-ආදර කතාව’ Category

මගෙ කතාව වර්ෂා කියවපු ඔයාලගෙන් මම එක උදව්වක් ඉල්ලන්න කැමතියි.ඒක තමයි මගෙ ජීවිතේ ඉතුරුවෙලා තියෙන ලොකු ප්‍රශ්නයකට උත්තර හොයාගන්න උදවු වෙන්න කියන එක. ඒක තමයි ශානිට මොකද වුනේ කියන එක.

එයා ඒක හිතලම කරපු දෙයක්ද නැත්නම් එතන මම නොදන්න මොකක්හරි දෙයක් තියෙනවද?

ශානි ගැන හොඳටම තේරුම් ගත්තු කෙනා හැටියට එයා ඕනෙකමින් එහෙම කලා කියල මට හිතන්න අමාරුයි.

ශානි එයා ලඟ තිබුන සල්ලි කීයක්වත් අරන් ගිහිල්ල තිබුනෙ නැහැ. කලින් දවසෙ පඩි හම්ඹුන සල්ලිත් අම්මට දීල ගිහින් තිබුන. (එහෙම යන්න හිතාගෙන හිටියනම් මොනව නැතත් සල්ලිවත් අරන් යනවනෙ )

අනිත් එක තමයි එයා අන්තිම දවසෙ office එකෙන් එළියට ගිහින් තියෙන්නෙ පැයකට කියලා. එයා යන්න හිතාගෙනෙ හිටියනම් එහෙම කියල ගිහින් කට්ටිය කලබල කරන්න ඕනෙ නැහැනෙ. (අනිත් එක office transport එකේ කට්ටියත් කලබල වෙනවනෙ කියල ගියෙ නැතිකොට.)

තවත් දෙයක් තමයි එයාගෙ සතුට වෙනුවෙන් මම ඕනෙම දෙයක් කරනව කියල එයා දැනගෙන හිටපු එක. එයාට රවීව ඕනෙ කියල මට කිව්වනම් ඒකට වුනත් මම උදවු කරනව එයාගෙ සතුට වෙනුවෙන්.

පැනල යන්න කිසිම ඕනෙකමක් එයාට තිබුනෙ නැහැ. එයා එදා ගියදවසෙත් රෑ ගෙදරට call කරල කියල තිබ්බෙ එයා ගැන හොයන්න එපා කියල විතරයි. වෙන එක වචනයක්වත් කියල නැහැ. ඊට පස්සෙ සති ගානක් යනකල් ගෙදරට call කරලවත් නැහැ.

එතන තව ගොඩක් සැකහිතෙන දේවල් තියෙනව. ඒ දේවල් මගෙ හිතට ලොකු වදයක්. මම නිසා එයා කරදරේ වැටුන නේද? එයා ඉල්ලපු වෙලේ මම එයාව මැරි කලානම් එයාට එහෙම වෙන්නෙ නැහැ නේද කියන එක හැමවෙලේම මගෙ හිතට වද දෙනව.

මම දන්නව ඒ ප්‍රශ්න වලට හරියටම උත්තර දෙන්න පුලුවන් එයාට විතරයි කියල. ඒ අවස්ථාව මට ලැබෙනකල් මම හැමදාම බලාගෙන ඉන්නව….

මෙචචර කාලයක් මගේ කතාව (අමාරුවෙන් හරි) කියවපු, ප්‍රතිචාර දක්වපු හැමෝටම මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා….

Advertisements

Read Full Post »

ගෙදර එන ගමනුත් ආවට පස්සෙත් ශානිකා දිගටම කලේ අඬන එක. ශානිකාලගෙ අම්ම, තාත්තා අයිය කට්ටියම එයාට බනිනව. මගෙ හිතේ කොච්චර දුකක් තිබුනත් මම කලේ බනින එක නවත්තන්න හදපු එක. මගෙ ශානිට කිසිම කෙනෙක් බනිනව නිකම් බලාගෙන ඉන්න මට පුළුවන් වුනේ නැහැ.

ඔය විදියට බදාද වෙනකල්ම මම ශාලිකාලගෙ ගෙදර ගියා හැමදාම.මගෙ ලඟට වෙලා ඉන්න ශානිකාට තිබ්බෙ ලොකු ඕනෙකමක්. ගොඩක් වෙලාවට ශානිකා කලේ මගෙ ඔඩොක්කුවෙ ඔළුව තියාගෙන අඬපු එක.බදාදත් ගිහින් හවස වෙනකල්ම හිටපු මම ගෙදර ආවෙත් වැඩි කැමැත්තකින් නෙමෙයි.

ශානිකාට මුකුත් කියන්න එපා කියල ගෙදර කට්ටිය පොරොන්දු කරගන්න පුළුවන්වුනත් එයාල ඒක පිළිපදීද කියලනම් විශ්වාසයක් මට තිබුනෙ නැහැ. ඒ සතියෙම ශානිකා වැඩට ගියේ නැහැ.ගෙදර ඒ විදියට ඉන්න ගියොත් එයාව මැරිල යයි කියල එයා මාත් එක්ක කිව්වෙත් අඬ අඬා.

දිගටම වැඩට නොයව ඉන්න ගෙදර කට්ටිය හිතුවත් මම කිව්ව එහෙම කරන්න එපා. ඒක හොඳ විසඳුමක් වෙන්නෙ නැහැ කියල.

මම කිව්ව නිසා ඊට පස්සෙ සතියෙ ඉඳන් ශාලිකාට ආයෙත් වැඩට යන්න පුළුවන් වුනා.මම ඒ ප්‍රශ්නෙදි කටයුතු කරපු විදිහ නිසා ශාලිගෙ හිතේ මගෙ ගැන තිබුනු ආදරයත්, ගෞරවයත් ගොඩක් වැඩිවෙලා තිබුනා.ශානිකා ඒකාලෙ හිටියෙ ගොඩාක් බයකින් කියල එයා කතාකරන විදියෙන් මට දැනුන.

රෑට නිදාගනිද්දිවත් මගෙ phone එක off කරන්න එපා කියල එයා මගෙන් ඉල්ලුව.ගෙදරට ඇවිත් රවී එයාව අරගෙන යයි කියල එයා හිටියෙ ගොඩක් බයෙන්. රවීගෙ මාම කෙනෙක් විපක්ෂෙ ප්‍රධාන පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක්වුන එකත් ඒකට බලපාන්න ඇති.

ශානි වැඩට ගියෙ office වෑන් එකක. දවසක් හවස එද්දි රවී වෑන් එකක වේයන්ගොඩට ඇවිත් තියෙනව දැක්ක කියලත් එයා මට කිව්ව.ශානිකා එදා ඇවිත් තිබ්බෙ office වෑන් එකේ හැංඟිලා වගේ.

ශානිකා මට දිගටම කිව්වෙ “අනේ නුවන් මාව marry කරන්න. එතකොට මුකුත් වෙන්නෙ නැහැනෙ” කියලා.

ඒත් කැම්පස් එකේ 3rd year එකේ ඉගෙන ගන්න ළමයෙක් විදියට මට එහෙම දෙයක් කරන්න පුලුවන් කමක් තිබුනෙ නෑ.

ඔය විදියට තව සති කීපයක් ගෙවිල ගිහින් ජූනි 9 වෙනිද උදාවුනා.එදත් ශානිකා කැම්පස් ආවා. ඒවෙනකොට ශානිකා class යන එක නතර කරල තිබුනත් මාව හම්බවෙන්නම කැම්පස් ආව. සුපුරුදුපරිදි අපි කැම්පස් නිදහස භුක්ති වින්දා.

මගෙ උපන්දිනය තිබුනෙ ජූනි 6 වෙනිදා. ශානිකා එදා ඇවිත් තිබ්බෙ මාත් එක්කම ගිහින් මට present එකක් ගන්න.ඒත් අපි කැම්පස් එකේ ගොඩක් වෙලා හිටපු හින්ද යන්න වෙලාවක් තිබුනෙ නැහැ.

එයා එදා ගෙදර ගියෙ රුපියල් 2000 බලෙන්ම මගෙ අතට දීල “අනේ බබා මේකෙන් ඔයා sandals 2 ගන්න” කියල. දිගටම වගේ ඒ දවස්වලත් රෑට ආයෙත් පැයක් විතර කතාකලා. ඒ දවස්වල පැයක් දෙකක් රෑට කතාකරන එක අපි හැමදාම කලා.

2007 ජූනි 12 වෙනි අඟහරුවාදා සාමාන්‍ය සතියෙ දවසක් වුනත් එදා මගෙ හිතට ලොකු අමුත්තක් දැනුනා. කැම්පස් එකේ counseling කරපු යාලුවෙක්ව හම්බවෙලා එයත් එක්ක සිද්ධ වෙච්ච හැමදේම කිව්ව.

මගෙ හිතට අමුත්තක් දැනෙනව කියන එකට එයා කිව්වෙ “උඹේ ගර්ල් upset එකේ ඇත්තෙ. සමහරවිට දැන් උඹව මතක් කරනව ඇති. ඒකයි එහෙම දැනෙන්නෙ කියල්ල.”

එදා රෑ ශානිකාගෙන් මට call එකක් ආවෙ නැහැ. හිතටක් අමුත්තක් දැනෙන නිසා මම ගෙදරට call එකක් ගත්ත.

අම්ම කිව්වෙ “දුව නිදි” කියලා. ඒත් ඒ කටහඬේ මොකක්දෝ වෙනසක් තිබුනා.

නිදාගන්න ගියත් නින්දනම් මගෙ ලඟට ආවෙ නැහැ. මටම නොතේරෙන මොකක්දෝ දෙයක් මගෙ හිතට දැනෙමින් තිබ්බ. උදේ වෙනකනුත් ඒ අමුත්ත දැනුන නිසා 13 වෙනිද උදේ මම ශානිකාට email එකක් යැව්ව ‘බබා මගෙ හිතට ඊයෙ ඉඳන් ගොඩක් අමුත්තක් දැනෙනවා. ඔය පරිස්සමින් ඉන්න. රවී කතා කලොත් එවලෙම මට කියන්න. මොනව උනත් එයාව හම්බවෙන්න යන්න එපා’ කියලා.

එදා උදේ 10.30 විතර මට call එකක් ආව.කතාකලේ ශානිකාගෙ අයිය.

“මල්ලි ඉන්නෙ කැම්පස් එකේද? මම පොඩ්ඩක් හම්බවෙන්න එන්නද…” මොකක්හරි දේක අසුබ පෙරනිමිත්තක් මට එවලෙ දැනුනා.

කැම්පස් එකට ආවත් අයිය මුකුත් කියන්නෙ නැහැ. මම අයියත් එක්ක ගිහිල්ලත් වාඩිවුනෙත් canteen එකේ ශානිකා එක්ක වාඩි වෙන මේසෙමයි. ටිකක් වෙලා ගිහින් අයිය මාත් එක්ක කතාකරන්න වචන හොයාගත්තා.

අනේ ශානිකා මාව දාල යන්නම ගිහින්…

අවසානයට පසු ඊලඟ කොටසින්….

Read Full Post »

එයා කියන්න හදනදේ මොකක්ද කියල දැනගන්න මට ලොකු ඕනෙකමක් තිබුනත් එයාගෙ හිතට තවත් වද දෙන්න මට ඕනෙ වුනේ නැහැ.මගෙ පපුවට මූණ තියාගෙන අඬන එයාව මම තව තවත් තුරුල් කරගත්ත.

“අනේ බබා එපා මට ඔච්චර ආදරේ කරන්න. මම හොඳ කෙල්ලෙක් නෙමෙයි” එයා එකපාරටම එහෙම කිව්ව.

“මම ඔයාට බොරු කලා බබා. රවී මට call කරන්නෙ නැහැ කියල මම කිව්වෙ බොරු” එයා ආයෙත් කිව්වා.මොකක්දෝ අමුතුම හැඟීමක් එකපාරටම මගෙ හිතට දැනුන.

“මට ඔයත් එක්ක ගොඩක් දවසක ඉඳන් කතාකරන්න ඕනෙකම තිබුනා බබා. ඒත් ඔයාගෙ exam නිසා මට කියාගන්න බැරිවුනා. මට ඔයාට ඒ දේවල් කියාගන්න ශක්තියක් තිබ්බෙ නැහැ බබා” ශානිකා එක දිගට කියාගෙන යනවා. කියන දේවල් මට ගොඩාක් වේදනාත්මක උනත් මම එයාට හැමදෙයක්ම කියන්න ඉඩදුන්නා.

“රවී මට phone එකක් එවල තිබ්බ බබා. මම ඒක හැමදාම අරගෙන ආව ඔයා ඒකවත් දැකලා මගෙන් අහයි කියලා. ඒත් ඔයා ඒක දැක්කෙ නැහැ බබා”

මම මේ දකින්නෙ හීනයක්ද කියල මට හිතුනා. ඒත් ශාලිකාගෙ කඳුළු මගෙ පපුව දිගෙත් බේරිලා යනව. මේක හීනයක් නෙමෙයි.

“බබා රවී මාව මේ මාසෙ 26 බඳින්න ලෑස්ති කරලා…”

“මොනව…” මෙච්චර වෙලා ඉවසගෙන, හිරවෙලා හිටපු කදුළු ගුලි මගෙ ඇස් දෙකින් එකපාරට එලියට පැන්න.

අනේ දෙවියනේ අද 21. එතකොට මට ශානි දකින්නවත් වෙන්නෙ තව දවස් පහද? මම කොහොමද මගෙ ශානි නැතුව ජීවත් වෙන්නෙ? මගෙ ඔළුව පැලිල යන්න වගේ. අපි දෙන්න බදාගෙන අඬන්නෙ පිස්සුවෙන් වගේ.පැය බාගයක් විතර අපි එහෙම්මම ඉන්න ඇති.

“බබා එහෙනම් ඔයා එයාව මැරි කරල සතුටින් ඉන්න. කොච්චර අමාරු උනත් මම මගෙ හිත හදාගන්නම්…”බොහොම අමාරුවෙන් වචන එකතු කරලා අන්තිමට මම එහෙම කිව්ව. ශානිකා තවත් හයියෙන් අඬන්න ගත්ත.

“අනේ පැටියො කවදාවත් මට ඒක කරන්න බැහැ. එයාව බැන්ඳත් මට කවදාවත් ඔයාව අමතක කරල එයා එක්ක සතුටින් ඉන්න වෙන්නෙ නැහැ”

“එයා ඔයා වගේ නෙමෙයි බබා. කිසි දෙයක් තේරුම් ගන්නවත් බැහැ. එයාව බැඳල ගිහින් මම ඔයාව මතක් වෙලා ඇඬුවත් මට ගහයි”

“ඒක එහෙම වෙන්නෙ නැහැ බබා කාලයත් එක්ක ඔක්කොම හරියයි. ඔයාට මාව අමතක කරන්න පුළුවන් බබා” මම ඒ කියන හැම දෙයක්ම ඔහේ පිටවන වචන විතරයි. මට කවදාවත් හිතලනම් ඒවගේ දෙයක් කියන්න බැහැ.

“බැහැ බැහැ බබා…”ශානිකා කෑගැහුව.

“අනේ බබා මොනවහරි කරන්නකො. මට බැහැ එයාව බඳින්න” ශානි මගෙන් වැඳල ඉල්ලුව.

අනේ මම මොනව කියල කරන්නද. අපේ ගෙදරින්වත් කැමතිවෙලා තිබ්බනම්…මට දැනුනෙ ලොකු අසරණකමක්.

කරන්න කිසිම දෙයක් හිතාගන්න බැරිනිසා මම කලේ ශානිකාගෙ අයියට call කරල කියපු එක. ඒට පස්සෙ අයිය එක්කම මම ශානිකාලගෙ ගෙදර ආව.

මොකද දැන් මේකට කරන්නෙ?

ඒක ඊලඟ කොටසින්…

Read Full Post »

නොපෙනෙන බලවේග පිලිබඳ වැඩි විශ්වාසයක් මට නැතිවුනත් ශානිකාට ඒව ගැන තිබුනෙ ලොකු විශ්වාසයක්.

“අපේ ආදරේට මොනවත් කරන්න ඔය කිසිම දේකට බැහැ”

මම එයාට නිතරම එහෙම කිව්වත් එයාගෙ බය නැති කරන්න මගේ ඒ වචනවලට පුළුවන්වුනේ නැහැ. එයාගෙ ඒ බය නිසාම අපි දෙන්න වෙන්වෙනව එයා දවස් කිහිපයක්ම හීනෙන් දැකල තිබ්බ.

ශානිකා ගැන මගේ තිබ්බ හැඟීම් වුනත් ඒකාලෙ ටික ටික අඩුවුනාද කියල මට දැන් හිතෙනව. සමහර සති වලදි ශාලිකා කැම්පස් ගිහින් ආවෙත් තනියම. මට විභාග ලංවෙලා තිබ්බ හින්දා හරි මගේ ඕනෙකම අඩුවෙලා තිබ්බනිසා හරි සමහර දවස්වලට මම එයත් එක්ක ගියෙ නෑ.

A/L exam වලට දවස් දෙකකට කලිනුත්, එයාගෙ revision class තිබුන සමහර දවස්වලට නිකම් බලල එන්නත් ගිහින් තිබුනු මට ඒදවස්වල අපේම කැම්පස් එකටවත් යන්න හිතුනෙ නැත්තෙ ඕනෙකම අඩුවීම නිසාම වෙන්න ඇති.

ඔය කාලෙදිම රවී ශානිකා එක්ක යාලුවෙන්න අහලා තිබ්බා කීප පාරක්ම.

“බබා අපි දෙන්නට බඳින්න කවදාවත් අපේ ගෙදරින් කැමති වෙන්න නැහැ.ඒනිසා ඔය රවීට කැමති වෙන්න…”

ගෙදර කරදරේ නිසා ඔළුව අවුල්වුන දවස්වලට මම එහෙමත් කිව්ව.

ඒ හැමවෙලේම ඇස්වල කඳුළු පුරෝගෙන ශාලි කිව්වෙ “මට ඔයා නැතුව ජීවත් වෙන්න බැහැ කියල දැනගෙනත් ඔහොම කියන්න එපා බබා” කියල.

ශාලිකාගෙ office එක වේයන්ගොඩට මාරු වෙලා තිබුනෙ ඔයකාලෙ. එයාගෙ office එකට තෑගි එවන එකත් call කරන එකත් රවී කීප සැරයක් කරල තිබුනා. එයා ඒ ගැන හිටියෙ,කතාකලේ කිසිම කැමැත්තකින් නෙමෙයි. mobile එකටත් call කලත් ඊට පස්සෙ එයත් එක්ක කතා කරන එක නැවැත්තුව කියලයි ශාලි කිව්වෙ.

2007 අප්‍රියල් 21 සෙනසුරදා සිංහල හා අවුරුද්දෙන් පස්සෙ ඉස්සෙල්ලම ශානි කැම්පස් එකේ class එන දවස. මම එදා හිටියෙ බෝඩිමේ. ශානිකාගෙන් එද උදේ 6 විතර call එකක් ආව.

“බබා අද මම ටිකක් උදෙන් එනව. ඔයත් උදේ කැම්පස් එන්නකො” ශානි කිව්ව. කොහොමත් පාඩම් කරන්නෙ කැම්පස් එකට ගිහින් නිසාත් ශානිව හම්බෙන්නෙ ටිකක් කාලෙකින් නිසාත් යන්න හිටපු වෙලාවට ටිකක් කලින් මම කැම්පස් එකට ආව.

ශානි එද්දි 7.30 විතරවුනා. වෙනද මම ආපු දවසට අපි කරනව වගේම canteen එකට ගිහිල්ල කෑව.class පටන් ගන්නෙ 8ට. ඒත් 8 පහුවෙනව වුනත් එයා class යන පාටක් නැහැ.

“බබා 8ත් පහුවෙලා. හොර කෙල්ල අද class යන්නෙ නැද්ද?” මම එහෙම ඇහුවෙ එයාගෙ කනෙන් අල්ලන ගමන්.

“බැහැ බබා මට අද ඔයත් එක්ක කතාකරන්න ඕනෙ. අද මට class යන්නනම් කියන්න එපා..”

එයා ඒක කියපු විදියටයි එයාගෙ ඇස්වලට කඳුලු ආපු නිසයි කියන්න යන්නෙ ගොඩක් වැදගත් දෙයක් වෙන්න ඇති කියලා මට හිතුනා. අපි canteen එකෙන් එළියට ඇවිත් බෙන්ච් එකක වාඩි වුනා. ශානිකා මුකුත් කියන්නෙ නැහැ. ඒත් ඇස්වල කඳුළු පිරිලා.එයා ඉන්නෙ මොකක් හරි ලොකු ප්‍රශ්නයක කියල මට තේරුනා.

“මොකක්ද බබා කියන්න තියෙන්නෙ?”

එතකොටම එයා මාව බදාගෙන හයියෙන් අඬන්න ගත්තා. මම එයාව මගෙ පපුවට තුරුල් කරගත්තා.

එයා කිව්වෙ මොකක්ද කියල කියන්නම් ඊලඟ කොටසින්…

Read Full Post »

“අනේ නුවන් මට සමාවෙන්න…” ශානි එහෙම කිව්වෙත් අඬන ගමන්.

“අනේ ඇයි බබා මොකද?…මොකද වුනේ කියන්නකො අඬන්නෙ නැතුව”

“අද මීගමුවට යද්දි රාජ් මගෙ අතින් අල්ලගෙන ගියා…”

මට ඒක ගොඩාක් ලොකු වේදනාවක් වුනත් මම කලේ ශානිගෙ හිත හඳපු එක. ශානි අඬ අඬ මගෙ කකුල් දෙක අල්ලල වැඳල සමාව ගනිද්දි මට දැනුනෙ ලොකු අසරණකමක්. මම නිශානි එක්ක ෆිල්ම් එකක් බලන්න ගිය කියල ශානිකා දැනගත්තු දවසෙ ශානිකාට කොච්චර දුක හිතෙන්න ඇතිද කියල මට හිතුන. මටත් නොදැනිම මගෙ ඇස්වලට කඳුළු ආව. අපි දෙන්න දෙන්නව බදාගෙන අපේ හිත හැදෙනකම් ඇඬුවා.

රාජ් සහ ඉමාලි අක්කත් එක්ක කතා කරන්න මම තීරණය කලා. කලින් බැංකුවෙන් ගිය day-out එකේදි හම්බවෙලා තිබුන නිසා මම ගිහින් ඉමාලි අක්ක එක්ක කතාකලා. මට කෙනෙක්ගෙ හිතදිනාගැනීමෙ තිබ්බ හැකියාව නිසාමද මන්ද රාජ්ට කතාකරන්න එයා පොරොන්දුවුනා. ඒ අතරෙදිම මමත් රාජ්ට කතාකලා. ඒ සතියෙම රාජ් බෑන්ක් එකෙන් අයින් වෙලා තිබ්බ.

ඔය දවස්වලදිම තමයි ශානිට ගෙවල් ලඟ (වතුපිටිවල) ගාර්මන්ට් එකක asst. merchandiser කෙනෙක් විදියට රැකියාව හම්බුනේ. ශානිකා bank එකේ වැඩ කරද්දි credit card එකතුකරගන්න වැඩකට මාතලේ ගිහින් තිබ්බ. මාතලේ ගිහින් වැඩ ඔක්කොම කරගෙන දවසින් එන්න බැරිනිසා අම්ම එක්ක ගිහින් නුවර හිටපු ශානිකාලගෙ නැන්දලගෙ ගෙදර නැවතිලා තමයි ගිහින් තිබ්බෙ.

එහෙදි ශානිකාට ගොඩාක් උදවු කරපු asst. superintendent කෙනෙක් හිටියා රවී කියලා. ගාර්මන්ට් එකේදි ශානිගෙ senior merchandiserට servant කෙනෙක් ඕනෙ වෙලා ඒකටත් උදවු කලේ රවී. ඒකට senior merchandiser එක්ක ආයෙත් මාතලේ යන්නත් ශානිට සිද්ධවුනා.

ඔය කාලෙදිම රවීගෙ පෙම්වතිය රවීව දාල ගිහිල්ල තිබුනෙ. ශානිකා ඔය වෙද්දි රවීගෙ හොඳ යාළුවෙක් වෙලාතිබුන නිසා රවී හිත හදාගත්තෙ ශානි එක්ක කතාකරල.

ශානිකා අපේ කැම්පස් එකේ තිබ්බ english for workers course එකක් කරන්න ගත්තෙ ඔයකාලෙ. මම ඒකාලෙ A/L physics tuition class කලා. ඒකනිසා අපි දෙන්නට හම්ඹෙන්න තිබුන අවස්ථා ටිකක් අඩුවුනා. ඒවුනත් හැමදාම රෑට call දීල පැයක් විතර කතාකරකර ඉන්න අපි පුරුදුවෙලා හිටියා.මම හිටියෙ බෝඩිමේ හින්දත් ශානිගෙ ගෙදරින් මට ගොඩක් කැමැත්තෙන් හිටපු හින්දත් ඒක වැඩිය අමාරුවුනෙ නැහැ.ශානිකාගෙ phone එකේ ප්‍රශ්නයක් කියල සමහර දවස්වලටනම් කතාකරන්නවුනේ නැහැ.

කාලය ඔය විදියට ගෙවිල ගිහින් 2007 අවුරුද්දත් උදාවුනා ඔය අතරෙදි. එතකොට මම හිටියෙ කැම්පස් එකේ 3rd year එකේ. 2007 ජනවාරි 5 වෙනිදට අපේ affair එක පටන් අරන් අවුරුදු පහයි. කැම්පස් ඇවිත් අපි දෙන්න ගොඩක් නිදහසේ ඒක සැමරුව. ඒක අපේ අන්තිම සංවත්සරය වෙයි කියලනම් එදා මට හිතුනෙ නැහැ.

අවුරුදු දෙකක කාලයකටත් කලින් මම ගෙදරට කිව්ව දවසෙ ඉඳන් අපේ affair එකට අපේ ගෙදරින් එල්ලවුන විරෝධතා මේවෙනකලුත් එකදිගට පැවතුනා. ඔය කාලෙ මම හිටියෙ තවත් ළමයෙක් එක්ක කැම්පස් එක ලඟම තිබ්බ බෝඩිමක. ගෙදර ගියාම මූණදෙන්න වෙන අම්මලගෙ කියවිල්ල මට ගොඩක් වදයක් උනා. එයාලා විරුද්ධවෙන්න ඉදිරිපත් කරපු කරුණු බිඳල දාන්න මම ගොඩක් උතසහ කලා.ඒත් එයාලගෙ හණමිටි අදහස් වෙනස් කරන්න එයාල කැමතිවුනේ නැහැ. ඒක මට ගොඩාක් වදයක්වුන හින්දා ගෙදරයන එකත් මාසයකට සැරයක් වගේ වෙනකල් අඩුකලා.

අම්මල ඒකාලෙ අපෙ සම්බන්දෙ නවත්තන්න කියල නොයෙකුත් දේවල් කරනවද කියලත් මට සැක හිතුනා.

ඉතිරිය ඊලඟ කොටසින්…

Read Full Post »

මේ දවස්වල ගොඩාක් වැඩ. ඒනිසා කාලෙකින් ලියන්න බැරිවුනා. දැනුත් වෙලාව රෑ 12 වෙලා. ඒත් ඉතින් ටිකක්  හරි ලියනව කියල හිතාගෙන ලියන්න ගත්තා. එහෙනම් අද කතාව පටන් ගන්නම්කො.

බැංකුවෙ වැඩකරපු ගොඩාක් දෙනකුට වඩා ශානිකා අහිංසකවුනා. එයා බැංකුවෙ වැඩකරපු ඒ මාස 8කටත් අඩු කාලය ඇතුලත බැංකුවෙම වැඩකරපු 7 දෙනෙක් සහ එයාට හම්බුන cutomersල දෙන්නෙක් එයාගෙන් යාලුවෙන්න ඇහුවෙ එයාගෙ තිබ්බ ඒ අහිංසකකමට, චාම්කමට ඇතිවෙච්ච කැමැත්ත නිසා වෙන්න ඇති.

බැංකුවෙ වැඩකරපු ගොඩක් දෙනෙක් හිටියෙ කොළඹ අවට කට්ටිය. එයාල රස්සාව කලේ විනෝදෙට. එයාලගෙත් ගමේ අම්මල ලඟ හැඳුනු ශානිකාගෙත් පැහැදිලි වෙනසක් තිබුනා. මේකප් තට්ටු වලින් වැහුනු ගොඩක් මූණු වලට වඩා ස්වභාවික ලස්සනක් ඒ මූණෙ තිබුන.

එයා ඒ යාළුවෙන්න අහන ඒව, බැංකුවෙ සිද්ධවෙන දේවල් හැම දෙයක්ම විස්තර ඇතුව මට කියන්න පුරුදුවෙල හිටියා. ශානි ගැන කිසිම අවිශ්වාසයක්නම් මට කිසිම දවසක ඇතිවුනේ නැහැ. හැමදාම මම එයාට කිව්ව එක දෙයක් තිබුනා. “ඔබේ රුව රසඳුනක් වූවට කමක්නෑ මට වෙනත් ඇසකට එහෙත් ඒ රුව තවත් අයෙකුට අයිතිවනු බෑ දරා ඉන්නට” කියල.

ශානිකා වැඩකලේ credit කාඩ් අංශයේ නිසා එයාට කස්ටමර්ස්ල හම්බවෙන්න එලියෙ යන්න තිබුනා. එහෙම යන විදියට සතියට 2,3 පාරක් මාව හම්බවෙන්න කැම්පස් එන්නත් bank එකේ ඉඳෙද්දි මට නිතරම call කරන්නත් එයාට පුළුවන්වුනා. කැම්පස් එන්න පුළුවන්වුන නිසා කැම්පස් එකේ නිදහස උපරිමයෙන් විඳින්න අපිට පුලුවන් වුනා.

හැම හොඳ දෙයක් පස්සෙම නරකකුත් හැංඟිලා තියෙනවනෙ. එහෙම වැඩකරපු නිසා එයාට එක එක දුර තැන්වලත් යන්න සිද්ධවුනා. ගොඩක් දවස්වලට ලඟ තැන්වලට ගියෙ මාත් එක්ක වුනත් බැංකුවෙ නීතිවලට අනුව දුර තැන්වල යද්දි එයාට බැංකුවෙ තවත් කෙනෙක් එක්ක යන්නවුනා.

ගොඩාක් දවස්වලට එහෙම යන්නවුනේ පිරිමි කෙනෙක් එක්ක. සමහර දවස්වලට එයාට නුවර, කෑගල්ල වගේ තැන්වලටත් එහෙම යන්නවුනා. අවිශ්වාසයක් නැතිවුනත් ශාලිකා ගැන තිබ්බ ආදරේ නිසා එහෙම යන එක ගැන මගෙ හිතෙ පුංචි බයක් ඇතිවුනා.

එයාට නිතරම එහෙම යන්නවුනේ රාජ් එක්ක. රාජ් බැංකුවෙ හිටපු ඉතාම කඩවසම් දෙමළ කොල්ලෙක්. Mr. personality තරගවලින්පවා රාජ් දිනල තිබ්බ. බැංකුවෙ ගොඩක් කෙල්ලො රාජ්ට කැමැත්තෙන් හිටියත් රාජ් කිසිම කෙනෙක් එක්ක වැඩිය කතාකලෙ නැහැ.

ශානිකත් එක්ක ගොඩ දවසක් එකට ගියාට පස්සෙ රාජ්ගෙ හිතේ ශානිකා ගැන ආදරයක් ඇතිවෙලා තිබ්බ. ශානිකාලගෙ මැනේජර් කෙනෙක්වුන ඉමාලි රාජ්ට ගොඩක් උදවු කලා. එයා කලේ රාජ් එක්ක වැඩි වැඩියෙන්, ශානිකාව යවපු එක. ශානිකා රාජ් ගැන හැමදේම මාත් එක්ක කිව්ව. ඒ විදියට ශානිකාට බැංකුවෙ කොල්ලො කැමති වෙලා තිබ්බ පළවෙනි වතාව ඒක නෙමේ හින්ද මම ඒක ගැන වැඩිය කලබලවුනෙ නැහැ.

ඒත් දවසක් ශානික මාව හම්බවෙන්න කැම්පස් එකට ආවෙ අඬාගෙන. එයා ඒ විදියට අඬනව දැක්කම කවදාවත් ඇති නොවුන බයක් මගෙ හිතට ඇතිවුනා.

“ඇයි බබා මොකද…”

ඒමොකද කියල කියන්නම් ඊලඟ කොටසින්…

Read Full Post »

චිත්ත නෙත්මිගෙ සම්බන්ධය නැවැත්තුව කියල කිව්වනෙ.

ඔය කාලෙදි තමයි නෙත්මි චිත්තට අරන් දීල තිබුන ෆෝන් එකක් ආපහු දෙන්න චිත්තට ඕනෙවුනේ.එකට බෝඩිමේ ඉන්න යාළුව හින්ද කොච්චර අකමැත්තෙන් උනත් ඒක ගිහින් දෙන්න බාරගන්නවුනේ මට.

MC එකේ තියෙන KFC එකේදි මම නෙත්මිව හම්ඹුනේ ඒකට. affair එක නවත්තන්න හේතුවක්වත් චිත්ත නෙත්මිට කියල තිබුනෙ නෑ.

“මම කොච්චර චිත්තට ආදරේ කලාද. ඇයි එයා මට මෙහෙම කලේ”නෙත්මි මගෙන් අහනව. ඒකට දෙන්න උත්තර මගෙ ලඟ තිබ්බෙ නෑ.

ආපහු එන්න කියල හිතාගෙන චිත්ත දුන්නු ෆෝන් එක නෙත්මිට දුන්නම එයා එකපාරට අඬන්න ගත්ත. එතන ඉන්න මිනිස්සුත් බලනවා. මට වෙන විකල්පයක් තිබ්බෙ නැහැ. මම නෙත්මි එක්ක three wheeler එකක කැම්පස් එකට ආව. කැම්පස් එකේ ජිම් එකට වෙලා නෙත්මි ගොඩාක්වෙලා ඇඬුවා. මොනව කියන්නද කියලා හිතාගන්න බැරිවුනත් මම පුළුවන් විදියට එයාගෙ හිත හැදුවා.

ජිම් එකේ පුටුවල වාඩිවෙලා ඒවිදියට ගොඩක් ඉන්නෙ කපල්ස්. ඒත් අපි අපි ගැන දන්නවනම් අනිත්අය මොනව හිතුවම මොකද කියල මම හිතුව.

එදා මම නෙත්මිගෙ හිත හදපු එක නෙත්මිට මම ගැන බැදීමක් ඇතිකරගන්න හේතුවක් වෙලා තිබ්බ. මාසෙකට වතාවක් දෙකක් මාව හම්බවෙන්න කැම්පස් එකට එන්න නෙත්මි පුරුදුවුනා. මම කැරම් ක්‍රීඩාවට දක්වපු හැකියාව සහ ආසාවත්, නෙත්මි ක්‍රීඩා සමාජයක කැරම් ක්‍රීඩා කිරීමත් හම්බවෙන්න හේතුවක් විදියට නෙත්මිට උදවු වුනා.

ශානිකාගෙ A/L 2nd shy exam ඔයවෙනකොට ඉවරවෙලා තිබුනෙ. ශානිකාව standard charted බැංකුවෙ සේවයට දාල දෙන්නත් නෙත්මි ගොඩක් උඩවුවුනා. මගෙ මුළු ජීවිතයම වෙනස් කරන්න ඒක හේතුවක් වෙයි කියල එදා මම දැනගෙන හිටියෙ නෑ.

ශානිකා වැඩට ගිහිල්ල වැඩි කාලයක් ගතවෙන්න කලින් නෙත්මිගෙයි මගෙයි යාළුකම බිඳ වැටෙන සිද්ධියක් වුනා. ඔය වෙද්දි ටික කාලෙක ඉඳන් නෙත්මිගෙ හිතේ මම ගැන ආදරයක් ඇතිවෙලා තිබුනා. ඒක හින්ද එයාගෙ යාළුවො couples විදියට යන ට්‍රිප් එකකට එයා මට කතාකලා. නිශානිගෙ සිද්ධියෙන් පාඩමක් ඉගෙනගෙන හිටපු මට ඒකට එකඟ වෙන්න පුළුවන්කමක් තිබුනෙ නැහැ. මම ඒක එයාට තේරුම් කරල දුන්නත් එයිට පස්සෙ මාව හම්බෙන්න එන එක එයා නවත්තල දැම්ම. කාලයත් එක්ක call කරන එකත් නැත්තටම නැතිවෙලා ගියා.

ශානිකාට වැඩ කරන්න තිබ්බෙ standard charted බැංකුවෙ කොටුවෙ ශාඛාවෙ. ශානිකා හැමදාම ගියෙ ගෙදර ඉඳල. ඒනිසා මමත් බෝඩිමේ නවතින්නෙ නැතුව හැමදාම ගෙදර එන්න පුරුදුවුනා. අම්මලට මම හේතුවක් විදියට කිව්වෙ මේ දවස්වල වැඩිය වැඩ නැති නිසා ගෙදර ඉඳන් යනවා කියලා.

ඒ කෝච්චියෙ ගියපු කාලය ඉතාම සුන්දර කාලයක් වුනා. අපි ගියෙ office යන අයියල, අක්කල කට්ටියක් එක්ක. අපි දෙන්න එතන හිටපු පොඩිම දෙන්නවුන හින්දා කට්ටියම අපිට ගොඩක් ආදරෙන් හිටියෙ. මම ගම්පහින් නැග්ගහම අපිට වාඩි වෙලා යන්න එයාල සීට් එකකුත් දුන්න. කට්ටියත් එක්ක ගිය නිසා ඒ දවස්වල ශානි වාඩිවෙලා ගියෙ මගෙ ඔඩොක්කුවෙ. අපි සිංදු කියකිය ගියෙ බොහොම සතුටින්. ඒත් ඒ train එකේ ගිය නිසා කවදාවත් 8ට තිබ්බ computer lecture එකටනම් යන්න බැරිවුනා. 9 lecture එකට ගියෙත් විනාඩි 10 විතර පරක්කු වෙලා.

කොහොමත් කැම්පස් එකේ පලවෙනි අවුරුද්දෙ මගෙ ප්‍රථිඵල එතරම් හොඳවුනෙ නැහැ. පලවෙනි සෙමෙස්තරයෙ subject 1කුත් දෙවැනි සෙමෙස්තරයෙ 2කුත් repeat වෙලා තිබුන.

බැංකුවෙ වැඩකරපු හැමදෙනෙක්ම ශානිකාට ගොඩක් කැමතිවුනා. ඒකට හේතු වෙන්න ඇත්තෙ හිටපු අනිත් කට්ටියට වඩා ශානිකා ගොඩාක් අහිංසකවුන එක වෙන්න ඇති. එම හේතුව නිසා ස්ටාෆ් අයට පමණක් සීමාවුන night parties දෙකකට සහ day out එකකට සහභාගී වෙන්න මට අවස්ථාව ලැබුනා. මම කැමතිනම්, මම යනවනම් විතරක් එවැනි දේවල් වලට අවසර දෙන්න තරම් ශානිකාගෙ ගෙදර අය ඔය කාලෙ වෙද්දි මම ගැන විශ්වාසය තියල තිබුන.

කොහොමවුනත් අන්තිමට මට ශානිකාව නැතිවෙන්නත් හේතුවුනේ ඔයවගේ සුලු වාසි ඇතිකරපු ශානිකාගෙ ඒ අහිංසකකමම තමයි.

තව විස්තර කියන්නම්කො ඊලඟ කොටසින්…

Read Full Post »

Older Posts »