ඉතින් ආයෙත් කාලෙකට පස්සෙ මේ පැත්තෙ ආවා. ගොඩක් දේවල් බලාපොරොත්තුවෙන් හිටපු විදියටම සිද්ද උනා. ඒගැන සතුටුයි. අලුත් ගෙදරකට යන්නත් පුලුවන් උනා. ඒකනම් එපාවෙන වැඩක්. මාස ගානක් යනව ඔක්කොම වැඩ ඉවරවෙන්න.
මුලින්ම බැංකුවකට ගිහින් ලෝන් එකක් ගන්න බලන්න ඕනෙ. අපේ පරණ ගනුදෙනු, අපි කලින් පොලු තියල තියෙනවද වගේ බලල එහෙම නැතනම් අපිට ලෝන් එකක් දෙන්න කැමතියි කියල ලියුමක් දෙනව. ඊට පස්සෙ තමයි අමාරු වැඩේ. ගෙවල් බලන එක.
බ්‍රෝකර් කෙනෙක් අල්ලගෙන, ගෙවල් බලන්න යන්න ඕන. බ්රෝකර්ල ලඟ විකුනන්න දාල තියෙන ඕනෙම ගේකට යන්න යතුර ගන්න කාඩ් එකක් තියෙනව. කොහොමහරි ගෙවල් 8-10 බලල එකක් තෝර ගත්ත කියමුකො. ඊට පස්සෙ ගේ තත්වෙ කොහොමද කියල පරීක්ෂා කරවගන්න ඕන. තත්වෙ හොඳ නැත්නම් ලෝන් දෙන්නෙ නැහැ.
කොහොමහරි ගෙදර ගාන බලල අපි ටිකක් අඩු ගානකට ඉල්ලනව. ගෙදර අයිතිකාරයා ඒකට කැමතිවුනොත් හරි. එහෙම නැතිනම් එයා ආයෙ වෙනගානක් කියනව, නැත්නම් කෙලින්ම අඩු කරන්න බැහැ කියනව. වැඩේ තියෙන්නෙ ඒ ඔක්කොම වෙන්නෙ බ්‍රෝකර්ලගෙ මාර්ගයෙන්. (ගන්න කෙනාටයි, විකුනන කෙනාටයි වෙනම බ්රෝකර්ල දෙන්නෙක් ඉන්නවා).
අපි ගාන අඩුකරල ඉල්ලන්නත් පිටු 50ක් විතර ෆෝම් පුරවන්න ඕන. කොහොමහරි දෙන්නම ගානකට එකඟ වුනොත් දෙන්නම ඒ ෆෝම් ටික අත්සන් කරනව. ඒ හැමදේම වෙන්නෙ බ්‍රෝකර්ලගෙ මාර්ගයෙන්. ඊට පස්සෙ අත්සන් කරපු ෆෝම් ටික බැංකුවටයි, ඔප්පු සහතික කරන්නයි යවනව. ඒ ඔක්කොම හරිනම් අපේ බ්‍රෝකර් අපිට ගෙදර යතුර අරන් දෙනව.
ඔහොම කෙටියෙන් කිව්වට ඔය ඔක්කොම කරන්න අපිට මාස 3ක් ගියා. අපි ගේ ගත්තට මේ වෙනකල් අපිට නිකමටවත් ගෙදර විකුනපු කෙනා හම්ඹවෙන්න වුනේ නැහැ. හැමදේම වුනේ බ්රෝකර්ල අතින් තමයි. කොහොමහරි ඉතින් ඔය ඔලුව කැක්කුම හැදෙන වැඩවලින් පස්සෙ ගෙදර හම්ඹුනා. කොච්චර එපාවෙන වැඩක් වුනත් අවසාන ප්රථිඵලය ගැන ගොඩක් සතුටුයි.
ගෙදර ගැන වැඩි විස්තර පස්සෙ කියන්නම්කො. ආයෙත් හමුවෙමු.
ඉක්මණටම ගෙදර විස්තර දාන්න. ඒක නෙවෙ ගෙදර කොහෙද තියෙන්නේ?
කාලෙකට පස්සෙ … ආයුබෝවන්!
මෙහෙ නිවාස මිල තාම වෙළඳපොල නිවැරදි වෙන්නට පහළ බැහැලා නැහැ කියල මම හිතන්නෙ. සමහර පැතිවල තව බහින්න ඕනෑ … ඒත් හරියට ම කවදා එය සිදුවේ දැයි අනාවැකි කියන්න ජගතෙක් නැති නිසා තමන්ට සතුටෙන් ජීවත්වෙන්නට හැකි නිවසක් දැන් තියන අඩු උගස් ප්‍රමාණයට ලැබුණා නම් කොහොමත් වාසියක්.
නිවසක හිමියෙක් වීමට ලැබීම ගැන ආශීර්වාදය!
අර ඉහළ එක්කෙනා කිව්වත් වගේ ගේ කොහෙද කිව්වා නම් තෑග්ගක් වත් එවන්න තිබ්බා 😀
බොහොම කාලෙකට පස්සෙ නේද. මේ දවස් වල බ්ලොග් අවකාශයේ කීපදෙනෙක්ම ගෙවල් මාරු කරනව. හෙහ් හෙහ්. අළුත් ගෙදරට සුභපැතුම් !!